දකුණු ඉන්දියාවේ තිරාච්චි දිස්ත්‍රික්කයේ නාච්චන්තුප්පට්ටි ග්‍රාමයේ සිට මෙරටට පැමිණි කේ. එම් පේරියකරුපන් සෙට්ටියාර්. කේ. එම් නල්ලකරුපන් සෙට්ටියාර්, කේ එම් මුත්තුකරුපන් සෙට්ටියාර් යන පුද්ගලයන් තිදෙනා එක්ව 1875 දී මෙම දේවාලය ආරම්භ කර තිබේ.

කඳු හයකට මැදිව මෙම දේවාලය පිහිටා තිබීම විශේෂත්වය කි. මෙම දේවාලය ආරම්භයේසිට සිංහල, දමිළ මෙන් ම මුස්ලිම් ජාතිකයන් ද මෙහි වැදුම් පිදුම් කිරීම සඳහා පැමිණෙති. මෙහි සෑම වර්ෂයක ම අගොස්තු මාසයේ දින දහයක් පුරා කතරගම දෙවියන් වෙනුවෙන් පූජෝත්සව පැවැත් වෙන අතර අවසන් දින හග්ගෙඩි පූජාව පවත්වමින් නගරය පුරා වීදී සංචාරය කෙරේ.

වසර පුරා සිංහල, හින්දු ආගමික උත්සව රැසක් මෙම දේවලය කේන්ද්‍රකරගනිමින් පැවැත් වේ. මීට අමතරව ගණ දෙවියන්, ශිව දෙවියන්, විෂ්ණු දෙවියන්, බහිරව දෙවියන්, නවග්‍රහ දෙව්වරුන් හා පත්තිණි මෑණියන් වෙනුවෙන් ද මෙහි පුද පූජා සිදුකෙරේ. සෑම දිනකම උදෑසන සහ සවස් වරුවේද ආගමික වතාවත් සිදු කෙරෙන අතර ඉතා හාස්කම් ඇති දේවාලයක් ලෙස කුරුණෑගල ජනයා අතර ප්‍රසිද්ධව තිබේ.

Location name: 

කුරුණෑගල කතරගම දේවාලය