කුරුණෑගල සිට කොළඹ පාරේ කිලෝ මීටර් භාගයක් පමණ පැමිණ එතැනින් දකුණුට වැටීඇති ධර්මපාල මාවත ඔස්සේ තවත් කිලෝමීටරයක් පමණ ගිය තැන නාගොල්ල රජ මහා විහාරය හමුවේ. ඵෙතිහාසික නාගොල්ල රජ මහා විහාරය පිහිටි පරිසරය නා ගස්වලින් පිරී පැවැතීම නිසාම එයට නාගොල්ල රජ මහා විහාරය ලෙස නම් පටබැඳි ඇත.

වයඹ පුරවරයේ පිහිටි විශේෂ තැනක් හිමිවන පුදබිමක් සේ ප්‍රචලිත ය. වලගම්බා රජතුමන් විසින් කරවන ලද්දැයි සැළකෙන මෙම වෙහෙර ගල්ලෙන් විහාරයක් සේ ඉදි වී ඇත. විහාරයක් සතුවිය යුතු සියලු අංගයන්ගෙන් මේ බිම පරිපූර්ණව පැවැතීම භාග්‍යයක් සේ සැලකේ. අතීතයේ වනවාසී භික්ෂුන් වහන්සේලා මෙහි වැඩවිසු බව කියැවේ.

සූවිසි වියරණය ඉතා සියුම්ව සිත්තම ට නැග විවර කළ කුඩා මංජුසාවක් ඵෙතිහාසික භාණ්ඩ සමඟ අදත් දක්නට ඇත. ලෝකඩ පිළිමයක් ද, අගනා පොත් ගුලක් ද, පුස්කොළ පොත් රාශියක් ඇතුළු තවත් අගනා ඉපැරණි දේ මෙහි තිබේ. ඔබ විසින් තවත් ගවේෂණය කළයුතු තවත් අගනා දෑ මේ විහාර බිමේ ඉතිරිව ඇත.

Location name: 

නාගොල්ල රජ මහා විහාරය