කාරුණිකත්වය සුහදශීලී බව ඉතා ඉහළ ය. එය සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට මහත් හේතුවක් වී ඇත. මෙහි පැමිණෙන විවිධ සංචාරකයන්ගේ භාෂාවන් එකිනෙකට වෙනස් ය. ජාතීන් වෙනස් ය.  ආසියාතික රටවල් සහ මැදපෙරදිග, යුරෝපා රටවල්වල සංචාරකයන්ගේ දකුණු සංචාරක පුරවරේ එක් පාරාදීසයකි. මෙහි පැමිණෙන  සියලු ම සංචාරකයින්ට මඟ පෙන්වන්නන්ගේ සහාය නොමසුරුව ලැබෙනු ඇත. 
සංචාරකයන්ගේ සිත් අද්දවා ගැනීමට බෙන්තොට  සංචාරක කණ්ඩායම් විවිධ අත්දැකිම් ක්‍රියාකාරකම් එක්කර තිබේ. ඒ අතර ඉතා ත්‍රාසජනක වූ විනෝදස්වාදය ගෙන දෙන ක්‍රීඩාවකි. පැරා මෝටර්ස් (ර්‍ථචපච ර්ධපබඥපඵ) බෙන්තොට  වෙරළේ  නවතා ඇති කුඩා පැරෂුටයක් සහිත හෙළිකොප්ටරයකි. මෙහි නැඟ උඩු ගුවනේ  අඩි 8000 - 1500 ක් යා හැකිය. නමුත්, දැනට අඩි 500 - 1500ත් අතර ගමන් කරයි. 
පැරෂුටයක් පිළිබඳ පළමු අදහස ඉදිරිපත් කර ඇති පුද්ගලයා වශයෙන් සැළකෙන්නේ ලියනාඩෝ ඩාවින්චි ය.  1777 දී ජෝශප් මොන්ටිනොල්ෆියර් බැලුනයකට සම්බන්ධ කර බැටළුවකු බිමට අතහැර ඇත. මේ ක්‍රමයටම මිනිසකුටත් ඉහළ අහසේ සිට පහළට පියාසර කළහැකි බව විශ්වාස කළ ප්‍රංශ ජාතික ලුවිස් සෙබස්තියන් ලොනොමාඩි 1783 දී එය  අත්හදා බැලුවේ ය. එන් 1797 දී ප්‍රංශ ජාතික ඇන්ඩි ගානරින්ගේ සාර්ථකත්වය අද අපට අත්විඳින්නට අවස්ථාව උදාකර දී ඇත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට පැරාමෝටර්ස් දක්වා දියුණු විය. 

පැරා මෝටස් ක්‍රීඩාවේ යෙදීමට පෙර ඒ පිළිබඳ උපදෙස් මාලාවක් එය මෙහෙයවන්නන් විසින් ලබාදෙයි. ඒ අතර විශේෂ වූ ජිවිතාරක්ෂක කබායක්, හෙල්මටයක් සහ ශරීර ආරක්ෂණයක් ද ලබාදෙයි. තවද පෝරමයක් පුරවා උඩු ගුවනේ පාවීම පිළිබඳ තම කැමත්තෙන් ම යන ගමනක් බව සනාථ කර ගැනීම සිදු කෙරේ. සියලු අම්පන්න පරීක්ෂා කර ගමනේ සුදානම සහතික කරයි. 
ගමනාරම්භය සුළං හමන දිසාවට අනුව සිදු වේ. එය පැයට කිලෝමීටර 10 - 20ත් අතර වේගයකිණි. දැන් යානය වේගයෙන් ඉහළ අහසට ඉඟිලි යයි.  යානය පාලනය කරන නියමුවා හා ක්‍රීඩාකයාගේ මනා අවබෝධ තුළ සියලු දේවල් ඉහළ අහසේ දී  සිදුවන්නේ ය. දෙදෙනාගේ සුළු අතපසුවීමක් වුවහොත් අනතුරක් සිදුවීමට ද ඉඩ ඇත. කුරුලු ඇසින් පහළ ඇති සියලු දර්ශන දැන් නැරැඹීය හැකියි.
ත්‍රාසයත් විනෝදයත් ගෙන දෙමින් යානය ඉහළට එසවීම සිදුවන්නේ පියවර කිහිපයකට පසුව ය. වමට හෝ දකුණට හැරවීම පිණිස දෙපස ඇති පැරෂුටයේ ලීවර යොද ගනී.  ක්‍රීඩකයාට  ත්‍රාසය හා විනෝදය උපරීමයෙන් ගෙනදීමට ගුවන් නියමුවා  යානයේ වේගය එකවර අඩුකරයි. එවිට පැරාමෝටරය එකවර පහළට ඇදී ඒම සිදුවේ.   උඩු ගුවනේ දී බෙන්තොට සංචාරක වෙරළතීරය හා එහි අවට සියලුම විශේෂ ස්ථාන  දැක ගත හැකිය. කරදිය වළල්ලේ  අපුරුම සුන්දරත්වය දැකීම තරම් සුන්දර තවත් දෙයක් නැතෙයි සිතේ. 
දකුණු වෙරළ තීරයත් - බස්නාහිර වෙරළත් වෙන්වන බෙන්තොට ගඟත්, පාලමත් මොනතරම් අපුරු සුන්දරත්වයක් මවන්නේද? මෙය දැක ගැනීමට නම් බෙන්තොට ඉහළ අහසේ ගුවන් ගත විය යුතුම ය.  කුරුලු ඇසට හරිත වර්ණයෙන් දිස්වන පරිසර පද්ධතිය නිසා මිනිසාගේත්, තුරුලතාවලත් සමීපතාව මනාව දැකගත හැකිය. විවිධ රටවලින් පැමිණි සංචාරකයෝ මේ ෂැරාමෝටර්ස් ක්‍රීඩාවේ නිරතවන්නේ මහත් පී‍්‍රතියෙනි. ගුවන් නියමුවා සමඟ එක් වරකට ගුවන් ගත විය හැක්කේ එක් ක්‍රීඩකයකුට පමණකි. 
බෙන්තොට පැරාමෝර්ටස්  ක්‍රීඩාව නිරත වන්නේ ඉඬඥර ඹ්ඥදඵ  කණ්ඩායම පමණි. එක් පැරාමෝටර්ස්් ගමනාන්තයක් සඳහා විනාඩි 12ක් ගතවේ. ඒ සඳහා රු 7500/-ක මුදලක් අය කෙරේ. විනාඩි 20ක් සඳහා රු. 10,500/- ද විදේශිකයකුට නම් ඩොලර් 50ක් සහ 70ක් යන මිල ගණන් අය කරනු ලැබේ. පෙරවරු 9.00 සිට සවස 6.00 දක්වා කාලගුණය යහපත් නම් ක්‍රීඩාවේ නිරත විය හැකිය.  මේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදී දැනට වසර 04 කි. නුදුරු දිනයකි දී මීගමුව සහ කොළඹදී ද මේ ක්‍රීඩාව දැක ගත හැකියි. 
ඔබ බෙන්තොටට යන්නේ නම් පැරා මෝටර්ස් ක්‍රීඩාවේ යෙදීම ඔබ එතෙක් මෙතෙක් ජීවිතයේ අත් දකිනු ලබන ත්‍රාසජනක වූත්, සුන්දර වූත් අත්දැකීමක් වනු ඇත. පැරාමෝටර්ස් අධිපති සුරේන් ඩී සිල්වා සහ මෙහෙයුම් කටයුතු  සිදු කරන අනුර කෝදාගොඩ යන මහත්වරුන්ට ස්තූතිය පළ කරමු. 

No: 15 , Skelton Road, Colombo 05, Sri Lanka.
Tel : 0112 599900 / 0114 512232
E - [email protected]
www.skyclubsrilanka.com

සටහන හා ඡායාරූප 
නිශ්ශංක විජේරත්න

 

Location name: 

උඩුගුවනේ පාවී බෙන්තොට අසිරිය විඳිම