ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ දමිළ හින්දූන්ට සෑම වර්ෂයකදී ම අපේ‍්‍රල් මාසයේ දී නව වසරක් උදා වේයි. නව වසර මෙම ජනවර්ග දෙකම පිළිගන්නේ ඉමහත් හරසරණි. පරණ අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් උදාවීම සතුට, සෞභාග්‍යය සැනසීම ගෙන දෙයි. මෙවර ද සිංහල බෞදධයින්ටත්, හින්දු දමිළයාටත් අපි‍්‍රයෙල් 14 වෙනිදා දින සුර්යා මීන රාශියෙන් සිට මේෂ රාශියට එළඹෙන්නේ අවුරුද්ක් ගෙවී අවුරුදක් අවසානයේදී ය.

දමිළ හින්දු ජනවර්ගයට අලුත් අවුරුද්දක් එළැඹෙන්නේ ජනවාරි මාසයේ තෛපොංගල් දිනයේ දී යැයි ඇතමුන් පවසති. නමුත් එම දිනය හින්දු දමිළ ජනතාව හිරු දෙවි වන්දනය නමින් හඳුන්වති. ඔවුන් එම දිනය වෙන් කරගෙන ඇත්තේ කෘෂි කර්මාන්තයට උදව් උපකාර කරනු ලබන සියලුම ජීවරාශිවලට කෘතවේදීත්වය දක්වනු පිණිස ය. නමුත්, එහිදී කිසිදු විටෙක අළුත් අවුරුද්ද සමරා චාරිත්‍ර - වාරිත්‍ර කරනු දක්නට නොලැබේ. අනාදීමත් සිංහල චාරිත්‍ර - වාරිත්‍ර ගැන කියැවෙන අපට පෙනී යන්නේ පාරම්පාරික සිරිත් - විරිත්වලට මුල්තැන දෙමින් ද නැකැත් ශාස්ත්‍රයට වටිනාකමක් හා මුලිකත්වයක් දෙමින් ද සාමාජීය හැඟීම්වලට උච්ඡස්ථානයක් ලබාගන්නා බව යි.

මේ අයුරින් ම දෙමළ හින්දු ජනතාව ද බක් මාසය එළැඹෙන අවුරුද්ද ආගමික වතාවත්, පාරම්පාරික සිරිත්විරිත්වලට මුල්තැන දෙමින් ද ජ්‍යෙතිෂයට අනුකූල වෙමින් ද නැකත් ශාස්ත්‍රයට උචිතව කටයුතු කරමින් ද සාමාජීය වටිනාකමක් දීමෙන් ද එය සිදු කරනු ලබති.

දෙමළ හින්දු ජනතාව ඡ්‍යොතිෂයත් සමඟ එකට බැදී ඇති ජිවිකාවක් ගත කරති. ඔවුනට ඡ්‍යොතිෂයෙන් තොර ජීවිත නැති තරම් ය. එම නිසා ජ්‍යෙතිෂයෙන් අලුත් අවුරුදු සංක්‍රාන්තිය දැනගත් පසු ඔවුන් එය පිළි ගැනීමට සෑදී පැහැදි සිටින්නේ ඉමහත් භක්තියෙනි. ගෙවල් පිරිසුදු කර සෑම දෙයක් ම අලුත් කර අලුත් අවුරුද්ද උදාවීම පිළිගනිති. සෑම නිවසක් පාහේ පොල්තෙල් පහනක් දල්වා ඒ අසළ පිරුණු දිය කළයක් තබා මකර තොරණකින් සරසා ගෙන අවුරුදු උදාව ලබන තෙක් බලා සිටිති. දෙමළ හින්දුන් අවුරුද්ද උදාවන අවස්ථාවේ දී සියලු ම හින්දු දේවස්ථානවල සීනු නාද පවත්වනු ලබති.

සාමාන්‍යයෙන් හින්දු ඡ්‍යොතිෂයට අනුව සෑම වසරකට ම වෙන් වෙන් වශයෙන් නම් දී ඇත. එක් වටයකට වර්ෂ (60) හැටක් ඇත. අලුත් අවුරුදු උදාවන වේලාව බලා එම අවුරුද්දේ ග්‍රහයන් පිහිටන ආකාරයෙන් ඒවාට එම නම් ලැබී ඇත.

සිංහල මෙන්ම දමිළයේ ද පුන්‍ය කාලය ඇත. එය දමිළයේ ‘විෂු’ පුන්‍ය කාලය නම් වේ. මෙම පුන්‍ය කාලයේ දී හින්දුන් ස්නානය කරනු ලබති. සිංහල පරණ අවුරුද්ද ස්නානය කිරීම යනුවෙන් හඳුන්වන ලබන අයුරකින් මෙය සිදු කරනු ලබතත්, සිංහලයෝ හිස තෙල් ගෑම සිදු කරනු ලබන්නේ අවුරුද්දෙන් පසුව ය. නමුත්, හින්දුන්ගේ වෙනස වන්නේ පුන්‍ය කාලයේදී හිස තෙල් ගෑම ය. එය ඔවුන් හඳුන්වන්නේ ‘මරුත්තු නීර් වෙත්තුª කුලිත්වාල” යනුවෙනි. මෙම මරුත්ව ද තීර් ඖෂධ විශේෂයකි. මෙහිදී දේවස්ථාන පොකුණුවල ස්නානනය කිරීමෙන් පව් සෝදා හැරිය හැකි බව විශ්වාස කරනු ලබති.

අසුභ නැකත්වලින් උපන් අයට විශේෂයෙන් ග්‍රහ දොස්වලින් මිදීමට මෙම ‘ මරුත්තු තීර්’ ස්නානය කළ යුතු බව ඡ්‍යොතිෂය පෙනව්ා දෙයි. එම ස්නානය මෙම දිනයේ ම සිදු කළ යුතු ය.

අවුරුදු ලැබීමෙන් පසු කරනු ලබන සියලු ම ක්‍රියා පැරැණි ක්‍රියාකාරම්වලට කිසියම් සම්බන්ධකමක් දැක්වූවන් පවා අලුත් ක්‍රියාකාරකම් සේ සැලකීමට හින්දු පුරුදු වී සිටිති.

අපි ආහාර පිසීම නැකතට ම සිදු කරනු ලැබුවත් දමිළ හින්දුන් එයට නැකතක් දී නොමැත. නමුත්, ඔවුන් ගනු දෙනු කිරීමට තැනක් දීම විශේෂත්වයකි. ඔවුන් මුදල් හඳුන්වනු ලබන්නේ ලක්ෂ්මී ලෙස ය. ගනුදෙනු කිරීමට කාලය එළැඹෙන තෙක් මුදල් අතින් අල්ලන්නේ නැත. ගෘහ මුලිකයා තම බිරිඳ සමඟ ගනුදෙනු කිරීම ඉපැරැණි සම්ප්‍රදායකි.

මේ සඳහා වට්ටියක බුලත් කොළ එළා එයට ධාන්‍ය වර්ගයක් දමා මල්, පුවක් සහ කෙසෙල් දමා ඒ මත මුදල් දමා තමන්ට ධන, ලාබ,වස්තු ලාභ ලැබේවායි ප්‍රාර්ථනා කරයි.

ඉන් පසු බිරිද සමඟ ගනුදෙනු කරයි. නෑදැ හිතමිතුරන් ගෙවල්වලට කැඳවා ගැනීම සහ ඔවුන්ගේ නිවෙස්වලට යෑම සහ ඥාතීන්ට සංග්‍රහ කිරීමට හොඳ නැකතක් ,දවසක් බලති.

බ්‍රහස්පතින්දා, අඟහරුවාදා හා ඉරිදා දිනවලට ඒවා සිදු නොකෙරේ.”කල්ල විසාලන් කලු තෛ අරුක්කුමි” යන්නේන් ප්‍රාස්ථා පිරුළක් ගොඩනැගී අතර එහි අරුත “හොර බ්‍රහස්පතින්දා බෙල්ලත් කපා” දමයි යන්නයි. අවඅටවක , පුර අටවක.අමාවක යන දිනවලදී නෑදැ හිතමිතුරන්ට සංග්‍රහ නොකරති.

නරක වේලාව දී නරක දිනයන් හි දී සංග්‍රහ කරහොත් එම අවුරුද්ද පුරවාට එම පිරිස් සමඟ විරසක වී සිටිීමට සිදුවන බව ඔවුන් තරයේ විශ්වාස කරති.

මව පියාට බුහුමන් දැක්වීම හින්දු ජනසමාජයේ ද එන වැදගත් චාරිත්‍රයකි. සිංහල බෞද්ධ, දෙමළ හින්දු ජනසමාජවල අලුත් අවුරුදු ප්‍රාර්ථනය එකමුතුකම යි. ඒ සඳහා ජනක්‍රීඩා සංවිධානය කෙරේ.

දෙවිවරු ඇදහිම, දෙව්වරුන්ට පුද පූජා පැවැත්වීම විශේෂ ලක්ෂණයකි. විෂ්ණු, කතරගම, සරස්වතී, ලක්ෂ්මි මේ ජන වර්ග දෙකම මහත් බැතියෙන් අදහති. නමුත්, භාෂාව අතින් දුරස්ව ඇත. සංහිඳියාව ඇති වන්නේ සංස්කෘතික, භාෂාමය අතින් එක් වූ දාට ය. මෙම ප්‍රාර්ථනයක් සමඟ මෙවර සියලු දෙනා ම අත්වැල් බැඳ ගනිමු. එමඟින් සාමය, සතුට සෞභග්‍ය ඇති වේවා.

ආචාර්ය දෙමළ පණ්ඩිත්

මඩුළුගිරියේ විජේරත්න

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

දෙමළ හින්දූන්ගේ සූර්ය මංගල්‍යය