අපේ හෙළ වෙදකම වූ කලී මහා අභිමානවත් කර්තව්‍යයකි. එය පරම්පාරවෙන් පරම්පරාවට උරුම වන්නකි. පියා තම පරම්පරාවෙන් උගත් දෑ සිය පුතුට උගන්වයි. පියාගේ වෙද හෙද කම් නිතර දෙවේලේ දකින දරුවෝ ඒවා උගනිති.

එසේ පාරම්පාරිකව පැවත එන හෙළ මහා වෙද පරාම්පරාවකි සිරිමල්වත්තේ වෙද පරම්පරාව. සිරිමල්වත්තේ වෙද පරම්පාරවෙන් පැවත එන ඒ.එම්. පි‍්‍රයන්ත කුමාර අබේසුන්දර වෙද මහතා කැඩුම් බිදුම් පිළිබඳ දේශීය වෛද්‍යවරයෙකි. ආයුර්වේද වෛද්‍ය සභාවේ විශේෂ නාම ලේඛනයේ ලියාපදිංචි මොහු වෙද ශ්‍රාස්ත්‍රයට අත පොත් තැබුවේ 1986 වර්ෂයේදී ය. ඒ මාලකාරිගේ වෙද මහතෙකු යටතේය. හේ 1993 දී රඹුක්කන වෛද්‍ය සංරක්ෂණ සභාවට බැඳී තව දුරටත් සිය ශාස්ත්‍රය ප්‍රගුණ කළේය. තවද කෑගල්ල ආයුර්වේද රෝහලේ දින 180ක විශේෂ වැඩමුළුවකට ද සහභාගිව විශේෂ හැදෑරිම්වල නියැලී ය. පසුව 2005 වර්ෂයේදී දේශීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි පරීක්ෂණයට පෙනී සිටියේ ය.

“මම කැඩුම්, බිඳුම් පිළිබඳ විශේෂ වෙද මහතෙක්. ඊට අමතරව කෑගලු දිස්ත්‍රික්කයේ වෛද්‍ය බල මණ්ඩලයේ ලේකම් ධුරයත් දරණවා. වරක් රත්නපුර පළාත් සභාවේ පැවැති විශේෂ රැස්වීමකදී අපේ ඥාාති සම්බන්ධයක් ඇති කෙනෙක් හමුවුණා.එදා 'අබේසුන්දර' යන නාමය පිළිබඳ සොයා යාමේදී අපි එකම ලේ පරපුරකින් පැවත එන අය බව වැටහුණා. ඔහු ඥාතීත්වයෙන් බාප්පා වන අයෙක්. එයා සිරිමල්වත්තේ වෙද පරම්පාරාවෙන් පැවත එන අයෙක්. ඔහු මාව පිලිමතලාවේ ඌරාපොළ අභයරාජ විහාරයේ වැඩ විසූ ගුණානන්ද හාමුදුරුවන්ගේ ගෝලයෙකු වශයෙන් ප්‍රකාශයට පත්කළා. ඒ අනුව ඔහු මට සිරිමල්වත්තේ නමින් තෙලක් ලියපදිංචි කොට එකී කාර්යයේ නියැලෙන ලෙස ඉල්ලීමක් කළා. මම අද ඒ ඉල්ලීම ඉටු කරලා ඉවරයි.”

හේ සිය පරම්පරාගත ඉතිහාසය දිග හැරියේ එසේය. අද ඔහු විසින් ශීර්ෂ රෝග නිවාරණ තෛලයත්, සන්ධි රෝග සඳහා විශේෂිත තෛලයත්, සහන බාම් ආලෝපයත් නිෂ්පාදනයට අත ගසා සිටී. විශේෂ අත්හදා බැලීම්වලින් පසුව නිමවා ඇති මේවා අද දිවයින පුරා ඇති ෆාමසි වලින් හා ආයුර්වේද සැල්වලින් ලබා ගතග හැකියි.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

සිරිමල්වත්තෙන් ආ වෙද හෙදකම්