ඉර බැහැල යද්දි ඟගට වැටෙන එළිය, ගඟ සිපගෙන වරින් වර හමා එන  සුළග,  කුරුලු කිරිල්ලන්ගේ නාදය, ඒ විතරක් නෙවෙයි සැරෙන් සැරේ යන බෝට්ටු නිසා මුළු ගඟ ම අමුතුම චමත්කාරජනක තෝතැන්නක් වෙලා. ගඟකට ආසන්නයේ ජිවත් වුණ මට ගඟ මේ තරම් සුන්දරයි කියලා කවදාවත් දැනුණේ නැහැ. ඇත්තටම ගඟ මේ තරම්  සුන්දර ද, සෞන්දර්යාත්මක ද මම හිටියේ සිතුවිලි දහසක අතරමං වෙලා. තව හවස් වෙන්න කලින් යමුද ගඟ බලන්න. ඒ හඩට තමයි පියවි ලෝකයට ආවේ. අපි එකිනෙකා හෙමින් සීරුවේ බෝට්ටුවට ගොඩ වුණා. ප්‍රදීප් සුපුරුදු විදියටම බොට්ටුව හරවලා ගත්තා. සැරෙන් සැරේ බෝට්ටුව දෙපැත්තට ඇලවෙන කොට එක්කෙනා දෙන්නා හොර හොරෙන් මුහුණ බලන්න ගත්තා. ප්‍රදීප් හිනා වෙනවා. මොකඳ බය වුණා ද, බය වෙන්න එපා. ඇල වුණාට මුකුත් වෙන්නේ නැහැ

.

බස්නාහිර පළාතෙන්  දකුණ පළාත වෙන්වෙන්නේ මේ ගඟෙන්. අහලා තියෙනව ද බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ඇස් ඇරුන පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. අපි හැමෝම හිනා වෙන්න පටන් ගත්තා. මෙතෙක් වෙලා තිබුණ බිය නැති වුණා. ෂා මාර ලස්සනයි. ඒ කඩොලාන අතරෙන් බෝට්ටුව හරවන කොටම අපේ කෙනෙක් කෑ ගැහුවා. අමුතුම ලෝකෙකට ගියා වගේයි. විචිත්‍රවත් ලෝකයක් බලන බලන අත මැවෙන්න ගත්තා.  විනාඩි ගාණනක් ඒ තුළ සැරි සරපු අපිට එතනින් එළියට එද්දි තරුණයෙක් තැඹිලි  විකුණනවා. ගඟ මැද අපූරු කඩේ. අපි එතැනින් "කිඹුල් කොලුවා" බලන්න යනකොටත් විදේශිකයෝ කණ්ඩායමක් තැඹිලි බී බී හිටියා. පුංචි කිඹුල් පැටියෙක්. පුංචි වුණත්  හැබැයි ඌ කිඹුලෙක් නිසා පුංචි චකිතයක් වගේම බියකුත් ආවා. ඒත්  අපිත් එක්ක  ගිය කිහිප දෙනෙක්ම ඌ අතට අරගෙන සුරතල් කළා. ඒ පිරිමි ළමයා කාලයක් තිස්සේ කිඹුල් පැටව් ඇති කරනව කියල තමයි ප්‍රදීප් කිව්වේ. කිසි කෙනෙකුට හානියක් නැතුව අහිංසක විදියට කීයක් හරි හම්බ කර ගන්න ඒක කරන්නේ. අන්න අර තියෙන්නේ නිස්සන්ගල. ඒ කිව්වේ අපි ප්‍රශ්නයක් ඇහුවා. නිශ්ශංකමල්ල රජතුමා වනවාස පන්සලට ඇවිත් ඔය ගල ළගින් නාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා නිස්සන්ගල කියලා ජනප්‍රවාදවල තිබෙනවා. ප්‍රදීප් අපේ ප්‍රශ්නය විසදුවා. ඒ විතරක්   නෙවෙයි පුංචි සිරිපාදේ, ගල් බෙන පන්සල, පිෂ් තෙරපි, කොහු අඹරන තැන්, පරණ සහ අලුත් පාලම්, කඩොලාන,කලපුව වගේ ගොඩාක් ස්ථාන දැකගන්න පුළුවන්. දියකාව, ඇහැටුල්ලා, කැමිලියොන්, කිඹුලන්, කාවයියන්, කොක්කු,  වඳුරෝ, වගේ විවිධ සතුන්, මල් වර්ගත් දැකගන්න පුළුවන් වුණා.පැයකට වැඩි කාලයක් අපි අචදඵචද ඕධචබ ඉඥපමඪජඥ  එකේ බෝට්ටුවකින් ගගේ ගොඩක් තැන්වල ගත කරලා හෙමින් සීරුවේ කළුවර    වැටෙද්දි එගොඩට ආවා.

 

 

සෆාරි වර්ග

පැයක සංචාරය
කඩොලාන, කිඹුලන් සිටින ස්ථාන, නිස්සන්ගල, විවිධ සතුන් වර්ග ඇතුළු කිලෝ මීටර් දෙකක පමණ දුරක් ඔබව රැගෙන යයි.

පැය 02 සංචාරය
ෆිෂ් මසාජ්, කොහු අඹරන ස්ථාන මෙන්ම පැයක සංචාරයට ඇතුළත් සියලු ස්ථාන මෙහි දී නැරඹීය හැක.

පැය 03 සංචාරය
පාලම් පාරුව, කලපුව, දූපත් මෙන්ම පැයකදී සහ පැය දෙකක දී නැරඹීමට ඇති ස්ථාන ද මීට ඇතුළත් ය.

පැය 06 සංචාරය 
පුංචි සිරිපාදේ, ගල් බෙන, ගල් ඔරු මෙන්ම පෙර සඳහන් සියලුම ස්ථාන මෙම සංචාරයට ඇතුළත් වේ.

S’A Ransan Perera       
Boat Service
Sri Mangala Mawatha
Pahurumulla
Bentota
Tel- 0094776085079             0094345685013

නුවන් කොඩිකාර
ඡායාරූප-නිශ්ශංක විජේරත්න
 

Location name: 

බෙන්තොට ගිහින් බෝට්ටු සෆාරියක් යමු