සත්ව විද්‍යාවේ දී “රෙප්ටිලියා” යන නමින් හඳුන්වනු ලබන කැස්බෑවා  පරිසර උෂ්ණත්වයට ගැළපෙන අයුරින් දේහ උෂ්ණත්වය පවත්වාගත හැකි චලතාපී සතෙකි. වසර දස ලක්ෂ   සියයකටත් වඩා වැඩි කාලයක සිට පැවත එන කැස්බෑවා උරග වර්ගයට  අයත් සත්වයෙකි

අති දක්ෂ පිහිනුම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති කැස්බෑවා හොඳ සංචාරකයෙකි. ගැඹුරු මුහුදේ සිට සැතපුම් දහස් ගණනක් පිහිනා වෙරළ තීරයට ගොස් බිත්තර දැමීමට  සුවිශේෂී හැකියාවක් ඇති අතර හබලක් සේ සකස් වී ඇති දිගැති “අවල්පාද” මේ සඳහා යොදා ගැනේ

මඩු කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොතු කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා, ගල් කැස්බෑවා, කළු කැස්බෑවා, පැතලි කැස්බෑවා ලෙස ලොව ජීවත් වෙන කැස්බෑවන් ප්‍රධාන වශයෙන් වර්ග 07කට බෙදා තිබේ. රාත්‍රී කාලයට වෙරළට පැමිණෙන කැස්බෑවා ආරක්ෂක ස්ථානයක ගැඹුරු වලක් තනා බිත්තර දමති. උන් වරකට බිත්තර 100-120 ත් අතර දමයි. කැස්බෑවන් වඳවී යාමේ තර්ජනයට ද ලක් වී ඇති සත්වයෙකි. විවිධ විලෝපීයන්ගෙන් හා අනතුරුවලට ලක් වන උන්     සංරක්ෂණ කොට ආරක්ෂා කිරීමට වෙරළබඩ ප්‍රදේශයේ සංරක්ෂණ මධ්‍යස්ථාන කිහිපයක් පවතී. ඒ අතුරින් අංක 390, ගාලු පාර, වරාහේන, බෙන්තොට යන මුහුදු කැස්බෑ සංරක්ෂණ හා පර්යේෂණ ව්‍යාපෘතිය ද විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. මේ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ වර්ෂ 1980 දී ය. පාසැල් ඇතුලු විවිධ පර්යේෂණ සඳහා පැමිණෙන ළමුන්ට, විදේශිකයන්ට, නැරැඹුම් ස්ථානයක් ලෙසත් කැස්බෑවන් සංරක්ෂණය කොට මුහුදට මුදා හැරීමත් මෙහිදී සිදු කෙරේ.  එහි අධිපති කිත්සිරි කන්නංගර මහතා  පැමිණෙන සියලු දෙනාට කැස්බෑවන්     පිළිබඳ පූර්ණ තොරතුරු ලබාදීමට සූදානමින් සිටී. Tel - 0777152700
 

නුවන් කොඩිකාර
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

 

Location name: 

කැස්බෑ සංරක්ෂණය