බෙන්තොට දෙද්දූව රාජමහා විහාර ප්‍රදේශයේ ජන දිවිය හා බැඳී ගිය ප්‍රකට රාජමහා විහාරයකි. සද්ධාතිස්ස රජුගේ සමයෙහි මේ විහාර කර්මාන්තය කළ බවට ජනප්‍රවාදයෙහි එයි. ගලපාත රජමහා විහාරය ලෙස හැදින් වූ පුරාණ විහාරයත් මෙහි මවු විහාරය ලෙස පිළිගැනේ. මෙම විහාරයෙහි ඇරයුම 1834 මාර්තු 04 වැනි දිනක සිදු වූ බව විහාරවාසී හිමියෝ පවසති. එතැන් පටන් විහාරාධිපති හිමිවරුන් 08 දෙනෙකු මේ විහාරයෙහි කළින් කළට වැඩ සිටී බවට සඳහන් වේ. බටුවන්හේනේ ඥාණානන්ද හිමියෝ අට වැනි විහාරාධිපති වහන්සේ  ලෙස එහි මේ වන විට වැඩ වසති. සියනෑකොරළයේ සෝභිත හිමිපාණන් මුලින් ම මේ බිමට වැඩමවා දෙද්දූව කඳු ගැටය මුදුනේ අක්කර 04 ක පමණ භූමි භාගයක් කේන්ද්‍රකොට ගෙන පූජා භූමියක් ඉදි කළහ. 

එය පසු කළක දෙද්දූව රජමහා විහාරය නමින් ප්‍රකට විය. දූපත් දෙකක් එකතු කොට තැනූ නිසා දෙද්දූව නමින් ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ පවති. කොත් දූවත්, අත්පල දූවත් යන දූපත් දෙක යා කොට ඇති බවට පැවැසේ. අතීතයට යාවුණු ශ්‍රී විභූතියක කතාවක් නිහඩ මුවින් දරාගෙන සුන්දර කඳු ගැටයක් මත වැඩ සිටින දෙද්දූගල රජමහා විහාරය ප්‍රදේශයට මහත් අභිමානයකි. ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු රැසක් විහාරස්ථානය මූලිකව සිදුවනු දැකිය හැකිය.

 

 

 

Location name: 

දෙද්දූව රජමහා විහාරය