ගලපාත රජමහා විහාරයට අයත් තපෝ වනය හෙවත් තපෝ නිවාස පිහිටියේ මෙම වනවාස රජමහා විහාරයේ ය. අතීතයේ දී ආරණ්‍ය සේනාසනයක් පැවැති බවට ජනප්‍රවාදවල පවතී. ඒ හේතුවෙන් මෙය වනවාසය ලෙස හැදින්වෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. තරමක් උස අලංකාර භූමි භාගයක මෙම රජමහා විහාරය පිහිටා ඇත. නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලදැයි සැලකෙන මෙම රජමහා විහාරය පිළිබඳ මයුර තිසර පරවි කොවුල් හා ගිරා යන සංදේශ කාව්‍යයන්හී ද සඳහන් වේ. උමං මාර්ගයක් ද පිහිටා ඇති මෙහි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිරූ දර්ශනීය ලෙස නිර්මාණය කර ඇත.

 

 

 

 

වනවාස රජමහා විහාරය