හුන්නස්ගිරි කඳු වළල්ලේ මේ යහන්ගල දක්නට ලැබෙයි.යහනක් හෙවත් ඇඳක් ආකාරයට පිහිටි බැවින් මෙය යහන්ගල ලෙසින් හඳුන්වයි. මෙයද කඳු ශිඛරයකි. රාවණා රජු සීතා දේවිය සඟවා තැබුවේ ද මේ යහන්ගල කන්දෙහි බව විශ්වාස කෙරේ. ඉන් පසු කාලීනව බණ භාවනායෝගිව ජීවත් වූ සෘෂිවරයෙක් හෝ ආගමික සාන්තුවරයෙක් මෙහි විසු බවට සාධක ඇත. කටාරං කොටන ලද ගල් ලෙනක් ද මෙහි පවති. මිනිස් වාසයෙන් තොර කලාපයක් වන මෙය අද වල් අලින්ගේ වාස භවනක් ද වෙයි.

 

ජේ. ආර් කන්ද

උඩුදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හුන්නස්ගිරියේ සිට බටහිර දෙස බැලූ කළ දිස් වන කඳු ශිඛරය ජේ.ආර් කන්ද නමින් හැදින් වෙයි. හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුහුණ සහ නාසය පිළිබිඹු වන මේ කඳු ශිඛරයෙන් දිස් වන බැවින් නරඹන්නෝ ද ප්‍රදේශවාසීහු ද මෙය ජේ. ආර් කන්ද නමින් හදුන්වති. එසේම උඩුදුම්බර පිහිටි කොබෝනීල ගල හා ගවන ගල යන ස්ථානවල සිට බැලූ කල්හි ද මේ කන්ද ජේ.ආර් ජයවර්ධන මහතාගේ රුවට සමානකම් දක්වන බව කාගේත් අදහසයි.

 

කරඳගොල්ල ඇල්ල

උඩුදුම්බර සිට මඩුගල්ල මාර්ගයේ මැදිවක හන්දියෙන් දකුණ ට ඇති කරදගොල්ල මාර්ගයේ කිලෝ මීටර් 04 ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල හමු වේ. මීටර් 65 ක පමණ උසකින් යුතු කරඳගොල්ල ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මනරම් ඇල්ල කි. නකල්ස් රක්ෂිතයෙන් පෝෂණය වන වන මෙම දිය ඇල්ලේ වැඩිම ජල ධාරවක් දැකගත හැක්කේ ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා කාලයේ දී ය.

Location name: 

යහන්ගල