පළාත - මධ්‍යම පළාත

 

දිස්ත්‍රික්කය - මහනුවර

පරිපාලන නගරය - උඩුදුම්බර

භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 280.02

සීමා -

උතුරින් මාතලේ දිස්ත්‍රික්කය හා නකල්ස් කඳුවැටියෙන් ද දකුණින් රන්දෙණිගල ජලාශය හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද නැගෙනහිරෙන් මිනිපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද බටහිරෙන් මැදදුම්බර හා පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම් වේ.

ග්‍රාම සේවා වසම්- 63

ප්‍රධාන ආර්ථික මාර්ගය- කෘෂිකර්මාන්තය

ජනගහනය- 25,570

රමණීය කෙත්වතු හා දිය ඇලිවලින් සමන්විත වූ උඩුදුම්බර කාගේත් සිත් සතන්පහන් හැගීමෙන් සතපවන්නට තරම් සමත් වෙයි. ඵෙතිහාසික වශයෙන් සේම සංස්කෘතික වශයෙන් ද ඉතා වැදගත් උරුමයක් මෙහි පවති. එසේම පරිසර හිතකාමී සංචාරක පුරවරයක් ද වෙයි. ලකේගල හා මී මුරේ අද ඉතා ප්‍රසිද්ධ ය.

ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දෝතලුගල, කොබෝනීල ගල, කෙහෙල්පන්දෝරුවේ ගල, යහන්ගල, මාරමුවේගල යනාදී දර්ශනීය කඳු පංති රැසකින් මේ ප්‍රදේශය වැසී පවතී. රාවණා රජු දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් මෙහි පවතින අතර එහි නටබුන් තැන් තැන්හි අදටත් දක්නට ලැබෙයි. ඩීන්ස්ටන් ප්‍රදේශය ඉතා මනරම් පෙදෙසකි. පුංචි ලෝකාන්තය ද ඊට දෙවැනි නොවේ. කඳු හෙල් අතුරෙන් උනා එන දිය දහරාවන්ගෙන් මේ ප්‍රදේශය තවත් මනස්කාන්ත වෙයි. තලගුණේ ඇල්ල, ලූල්වත්ත ඇල්ල, කරඳගොල්ල ඇල්ල, හීං ගඟ, මහ ඔය ඉන් ප්‍රධාන තැනක් ගනී. උතුරා ගිය ගැමි සෙනෙහසින් යුතු ගැමියෝ කෘෂිකර්මාන්තය දේවත්වයෙන් සලකා කටයුතු කරති.

දුම්බරට ම ආවේණික වු දුම්බර රටා ද නොකැම්මැළි දිරිය මිනිසුන් අතින් නිමවන නිර්මාණ අතරට එක් වෙයි. ඉංග්‍රීසි පාලන කාලයේ දී දළදා සමිදුන්ගේ ආරක්ෂාවට සෙවන දුන් විහාරස්ථාන කිහිපයක් ද මෙහි වෙයි. ප්‍රදේශයේ සෞන්දර්යය රැකී ඇත්තේ ද එහි අන්‍යන්‍යතාව ගොඩනැගෙන්නේ ද කඳු,හෙල් හා බෑවුම් නිසා වෙනි. මෙහි ජන ජිවිතයන් ජනයාගේ අනන්‍යතාවත්, ගෞරවයත්, වටිනාකමත් රැකී ඇත්තේ ද ගමන් අපහසුතාව, මාර්ග අපහසුතාව හා කඳු හෙල් වැටි නිසා බැව් සඳහන් කළ යුතු වේ.

එසේ හෙයින් එකී අන්‍යනතාව රැගත් රමණීය ගොවි බිමිවලින් පිරී ඇති ද සංචාරක ආකර්ෂණයට පාත්‍රව ඇති උඩුදුම්බර හා මී මුරේ මෙවර අපේ ප්‍රධාන සංචාරක දිගහැරුමට ද පාත්‍ර වන්නේය.

Location name: 

TRAVEL UDUDUMBARA