දෛනික ජිවිතයේ වෙහෙසට පත් වී සිටින ඔබට එම වෙහෙසකරත්වයෙන් මිදෙන්නට ගතට මෙන්ම සිතට දැනෙන යමක් පානය කරන්න ලැබුණොත් කොයි තරම් අස්වැසිල්ලක් ද? අද අපි ඔබට කියලා දෙන්නේ එවැනි ජූස් එකක් කෙටි කාලයක දි පහසුවෙන් සකස් කර ගන්නා ආකාරය යි. පසුගියදා අපි ශ්‍රී පාදය කරුණාකරන්න ගිහින් ටිකක් වෙහෙසට පත් වෙලා පැමිණි වෙලාවේ වයි.ඒ නිමල් මහතාගේ White House Hotel එකෙන් තමයි මේ මිහිරි ජූස් එක පානය කරන්න ලැබුනේ. ඒ නිසාම අපි තීරණය කළා මෙවර අපි සමග එක්ව සිටින ඔබට එම හෝටලයේ ප්‍රධාන සූපවේදී වින්සන් ජෝසොප් මහතා සමග එක්ව එය සකස් කරගන්නා ආකාරය කියා දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ග්‍රෑම් 100

ඇපල් ග්‍රෑම් 100

කෙසෙල් ග්‍රෑම් 100

මුදුරස් පලම් ග්‍රෑම් 100

අයිස්ක්‍රීම් (අවශ්‍ය ප්‍රමාණය අනුව)

සීනි (අවශ්‍ය ප්‍රමාණය අනුව)

ලුණු (අවශ්‍ය ප්‍රමාණය අනුව)

දෙහි (අවශ්‍ය ප්‍රමාණය අනුව)

 

සාදන ක්‍රමය

මුලින්ම මෙම සියලු පළතුරු වර්ග හොදින් සෝදා පිරිසුදු කරගන්න. පසුව කුඩා කෑලිවලට කපාගන්න. ඉන් අනතුරුව පළතුරු වර්ග මිශ්‍ර වන සේ බ්ලෙන්ඩර් කරන්න. ඊට සීනි, ලුණු හා දෙහි අවශ්‍ය ප්‍රමාණයට එක්කර ගන්න. අනතුරුව අයිස්කීම්‍්‍ර එක්කර පිළිගන්වන්න. මේ සඳහා විනාඩි 10 ක පමණ කාලයක් ගත වේ.

White House Hotel
Adamspeak
Deihouse
[email protected]
Web-www.adamspeakaccommodation.com
Tel-0777912009,0522055520

නුවන් කොඩිකාර
ඡායාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

ෆෘට් ඇන්ඩ් නට් ජූස්