වසර 250 කට එහා ගිය පෞරාණික ගොඩනැගිල්ලකි. ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ මැනවින් පිළිබිඹු කරයි. වංශවත් ඉලංගකෝන් නම් පරපුරක් මෙහි ජීවත්ව සිට ඇත. මේ වනවිට පරම්පරා උරුමකරුවන් මින් බැහැරව සිටින අතර සමූපාකාර රෝහලේ සේවකයන් මෙහි පදිංචිව සිටිනු දැකිය හැකියි.
තනි මහලට සාදා ඇති මෙම නිවෙසෙහි විවෘත ආලින්දයේ කණුමත වහලය දරා සිටියි. මෙම යුගයේ ඉදි කරන ලද නිවෙස්වල ප්රධාන ලක්ෂණයක් වූ කාමරයකින් තවත් කාමරයකට යා හැකි පරිදි දොරටු යොදා ඇත. මහත් බල පරාක්රමයක් දරා සිටි පරපුරක නවාතැන මේ නිවෙස විය.
බිමට පිඟන් ගඩොල් අල්වා ඉතා අලංකාර ලෙස හිටවා ඇති කාමර ද දක්නට ලැබේ. සිංහල උළු සෙවිලි කර ඇති අතර ලැටිස් මෝස්තර ද දක්නට ඇත. එදා විශාල වපසරියක් තිබූ වලව්ව අද හුදකලාව ඇත.