මෙය විජේසේකර මුඳලිඳුට අයත් ය. මාතර නගරයේ නූපේ හන්දියේ සිට මාතර අකුරැස්ස මාර්ගයේ 1 KM පමණ දුරින් සරම්මුදලි වලව්ව පිහිටා ඇත. 18 වැනි සියවසේ අවසන් භාගයේ දී පමණ නිර්මාණය වූ මේ වලව්ව වර්ෂ 250 ක් තරම් අතීතයට නෑකම් කියන බව පෙනේ.

කාමර 12 ක් හා මැද මිදුල්වලින් සමන්විත වූ වලව්වෙහි ඉරිදිපස කුඩා පෝටිකෝවකි. කණු සහිත විවෘත ආලින්දයකින් ද විශාල විසිත්ත කාමර 02න් ද සමන්විත ය. ඝනකම් වූ බිත්තිය හුණුගල් කබොක් ආදී අමුද්‍රව්‍ය යොදා ඉදිකර ඇති බව පෙනේ. නිවෙසෙහි හැඩය ඉංගී‍්‍රසි “උ” අකුරක ස්වරූපය ගනී.

සරම්මුදලිතුමා අතීතයේ ඉතා ප්‍රකට බොදු පූජාවක් සම්බන්ධයෙන් බොදු ජනතා බුහුමනට පාත්‍ර වේ. අතීතයේ දී ගංගාරෝහණ පූජාව වැනි අති උතුම් පූජාවක් පැවැත්වීමේ ගෞරවය ඔහුට හිමි වේ. මාතර සිට අකුරැස්ස ගොඩපිටිය දක්වා නිල්වලා ගඟ දිගේ දහස් ගණන් ඔරු පාරු සහිතව පැවැත් වූ පුද පූජාවකි.

නිල්වලා ගඟ දෙපස සැණකෙලියක ස්වරූපය ගත් බව කියැවේ. පසුකාලීනව මෙම වලව්ව මාතර රාහුල විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී. එකල ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගන ලද සරම් වලව්ව අද මාතර රාහුල විදුහලට අයත් දේපලකි.

 

Location name: 
sub title : 
සරම්මුදලි වලව්ව

සරම්මුදලි වලව්ව