මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ට අයත් මේ තානායම අතීතයේ ප්‍රදේශයට පැමිණි ප්‍රභූවරුන්ට නවාතැන් සැපයූ ස්ථානය වන්නට ඇත. එහි ඉපැරැණි ගොඩනැගිල්ලක නටබුන් අදටත් දැකගත හැකිව තිබේ.

තානායමට අද්දරින් මුහුද දිස් වේ. මුහුද දෙසින් හමා එන මුහුදු සුළං ආශ්වාදය කරමින් මෙහි සුව පහසුව විවේකීව මොහොතක් ගත කිරීම මෙහි පැමිණෙන කාටත් සිත් වනු ඇත. අතීතයේ වංශවත් ප්‍රභූ පවුල්වල අයට හා යටත්විජිත පාලකයන් මෙහි පැමිණ ආහාර පාන ගන්නා විට ඔවුන්ට සුවසේ ආහාර බුක්ති විඳීමට පහසුවන අයුරින් සැකසූ සුළං පෙත්තක් තිබිී ඇත. එය දෙදෙනෙකු විසින් දෙපස සිට ඇදිය යුතුය. මේ සුවිශේෂී වූ සුළං වහනය සිවිලිම මත රඳවා ඇත. තානායමට ඇතුළු වූ පසු ප්‍රධාන භෝජනාගාරයේදී අදටත් මෙය ඔබට දැක ගත හැකියි.

අද වන විට මේ තානායම පුද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යයි. කෙසේ වෙතත් අතීතයේ අභිමානවත්ව පැවැති මාතර තානයම නගරයේ පෞරාණික වටිනාකමට කිසියම් සාක්ෂියක් සපයනු ඇත.

නන්දික බැද්දගේ

ඡායාරූප නිශ්ශංක විජේරත්න

sub title : 
මාතර තානායම

මාතර තානායම