ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම මාතර ද, අතීතයේ සිට මුස්ලිම් ජනයා බහුලව වාසය කළ නගරයකි. මාතර ඉස්ලාම්වරුන්ගේ ඉතිහාසය සිංහල රජ කාලය දක්වා දිව යයි. සිංහලයන් සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන ගිය මාතර මුස්ලිම්වරු වරක් ලන්දේසීන්ට විරුද්ධව වැලිගමදි දැවැන්ත සටනක් කළේය. ඔවුන් තම ආගමික අවශ්‍යතා සඳහා මාතර නිල්වලා ගඟ අසබඩ කොටුවේගොඩ ඉඳිකළ මේ මහ පල්ලිය හඳුන්වන්නේ මාතර මොහයිද්දින් පල්ලිය ලෙස යි. පෘතුගීසි පාලන සමයේ ඉතා කුඩාවට මේ ස්ථානයේ තිබූ පල්ලිය තුර්කි ගෘහ නිර්මාණ ශිල්පය අනුව 1760 වකවානුවේ ලන්දේසි පාලන සමයේ නැවත නිර්මාණය කරයි. මාතර ඔරලෝසු කණුව ලන්දේසීන් විසින් නිර්මාණය කිරීමේ දී මේ මහ පල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රමය භාවිත කර ඇත. 1765 දී තුර්කි ගෘහ නිර්මාණ ශිල්පිය අනුව ඔරලෝසු කණුව ඉඳි කළැයි සැළකෙන අතර සෑදූ ශීල්පීන් මේ මුස්ලිම් පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු මාතර නගරය අලංකාර වන අයුරින් නිර්මාණය කළ බව කියැවේ. එකල මාතර තිබූ ප්‍රධාන ඉඳිකිරීම් වුයේ මේ මහ පල්ලිය හා ඔරලෝසු කණුව යි. එය සුදු වර්ණයෙන් ඉතා ඈතට අලංකාරව දර්ශනය වී ඇත. ඉන්දියාවේ ටජ් මහල් මෙන් තනි සුදු පැහැයෙන් බබැලූ මේ මහපල්ලිය හා ඔරලෝසු කණුව නැවතත් 1885 බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රතිසංස්කරණය කර ඇත. නමුත් මෙහි මුල් ආකෘතියට මේ නවීකරණය කිරිම් වලදී වෙනස්කම් නොකළ බව සඳහන් වේ.

නන්දික බැද්දේගම

ඡායාරූප නිශ්ශංක විජේරත්න

sub title : 
මොහයිද්දීන් මහ පල්ලිය

මොහයිද්දීන් මහ පල්ලිය