පිහිටීම - කැස්බෑව ප්‍රදේශයේ මාම්පේ ග්‍රාමයෙහි පිහිටයි.

 

ගමන් මාර්ගය - පිළියන්දල - මහරගම මාර්ගයේ 150ථ පමණ ආ විට දකුණට ඇති ගනේවත්ත දේවාල පාරේ 100ථ පමණ පසු කළ විට මේ දේවාලය හමු වේ.

 

විශේෂත්වය - කෝට්ටේ රාජධානිය කළ සපුමල් කුමාරයා විසින් තැනුවා යැයි සැලකෙන ඓතිහාසික දෙවොලකි.

 

ගනේවත්ත දේවාලය වූ කලී පාරිශුද්ධත්වයට පත් දෙවොලකි. ගල් කණු කිහිපයක්, ඉපැරැණි දෙවොලක අත්තිවාරමක්, ගල් පඩි පෙළක් මෙහි යටගියාව පිළිබඳ කියාපාන කදිම සාක්ෂිය. මෙය සෙම්බගප්පෙරුමල් නැමැත්තෙකු විසින් කරවන ලද්දකැයි කියැවේ. කෝට්ටේ යුගයේදී සත්වැනි බුවනෙක බාහු රජු විසින් සෙම්බගප්පෙරුමාල් නැමැත්තෙකු හට ගම්වරයක් ලෙසින් මාම්පේ ගම පවරා දී ඇති බව සන්නසකින් කියැවෙයි. තවද දෙමළදුවේ නම් ගමක් ද ඔහුට පවරා දුන් බව තවත් සන්නසකින් කියැවෙයි.

මේ සන්නස්වලින් කියවෙන්නේ සෙම්බගපපෙරුමාල් මාම්පේ ගනේවත්ත දේවාල ආශි‍්‍රතව වාසය කළ බව ය. තඹපත් වල ලියන ලද සන්නස් දෙක අදත් කොළඹ කෞතුකාගාරයේ දක්නට ලැබෙයි. සෙම්බගප්පෙරුමල් යනු කවරෙක්ද යන්නට මෙයින් වඩාත් අර්ථ ගැන්වනු ඇත.

“නිල තුරගුට නැගෙමින් රිවි දෙවි සිරි න

දුල කර සේසත් මීණිබරණ කිරණි න

බල පිරිසෙත් සහ යාපා පටුන්ගෙ න

බල “සේනානායක සපු කුමරු” එ න

යන කවියෙන් කියැවෙන්නේ සපුමල් කුමාරකු පිළිබඳවයි. ඔහු වාසය කර ඇත්තේ 06 වන පරාක්‍රමබාහු රජ දවසේ ය. බුවනෙක බාහු නමින් පසු කලෙක රජ වුණෙත් පරාක්‍රමබාහු සෙවනෙහි වැඩුණු මේ සපුමල් කුමාරයායි. ඔහු සෙම්බගප්පෙරුමාල් යන නම භාවිතා කළත් ඔහු හත්වන බුවනෙකබාහු රජුගෙන් ගම්වර ලැබු සෙම්බගප්පෙරුමාල් වන්නට නොහැකිය. කෙසේ වෙතත් රාජ වරප්ප්‍රසාද ලැබීම සාමාන්‍ය අයෙකුට කළ නොහැකි බැවින් මාම්පේ “ගනේවත්තේ” විසූ සෙම්බගප්පෙරුමාල් කෝට්ටේ රාජධානියේ විසූ අධිපතියකු බව කිව හැකියි. නැතහොත් මෙම දේවාලය හිමිකාරත්වය සපුමල් කුමරු නමින් හැඳින්වුණු රණශූර සෙම්බගප්පෙරුමාල්ගේ පරම්පරාවේ කෙනෙකු බව ද තවත් මතයකි.

කෝට්ටේ විසු සත්වැනි බුවනෙකබාහු සෙම්බගප්පෙරුමාල්ට ගම්වර ආදි පඬුරු පාක්කුඩම් හා විරුදාවලීය ලැබ විසු බවට සාක්ෂි තිබේ. ඔහු ලබාගෙන සිටි විරුදාවලිය නම් “විජයරාජ පළිහ වඩන” යන බව අලගියවැන්න කිවි දහම් සොඩ කාව්‍යයෙන් සඳහන් කරයි.

“මාම්පය නම් ස රු

පියස හිමිවන පිවිතු රු

විජය රජු නම් ග රු

පලිහ වඩනෙ මැතිඳු මුනුුබු රු

මාම්පේ සන්නසේ සඳහන් වන්නේ ඉරහඳ පවතින කල් මෙම දේවාලය පවතින බවයි. සන්නසේ සඳහන් වන අන්දමට මාම්පේ ගම්වැසියෝ දළදා පූජාවට අයබදු ගෙවන ලදී. එසේ හෙයින් මාම්පේ ගම පාරිශුද්ධයෙන් තබා ගැනීමට දේවාලයක් ඉදිකොට එහි පෙරහර පවත්වා තිබෙන බව කියැවේ. එදා සිට පරම්පරාවෙන් එන කපු මහතුන්ට දේවාලයේ රාජකාරි කර ඇත. පවුල් හයක් පදිංචි කර දේවාලය කටයුතු අරඹා ඇත. ප්‍රදේශයේ ජීවත් වන ඇතැම් අයගේ පෙළපත් නාම වලින් කියැවෙන්නේත් දේවාලයේ රාජකාරී කළ කපු පරම්පරාවෙන් පැවත එන බවයි. ගනේවත්ත දේවාලයට ජලය ලබාගෙන ඇත්තේ මෙහි පිණිදියාගර නම් උල්පතින් බව කියැවේ.

 සටහන හා ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
සපුමල් කුමරු කළ ගනේවත්ත දේවාලය

සපුමල් කුමරු කළ ගනේවත්ත දේවාලය