මේ පාවෙන පුංචි හෝටලයකි. නමින් කචබඩපච ඕර බ්ඥබඹඪදඨ සඳලුතල දෙකක් සහ නානා කාමර දෙකක් සහිත සුවපහසු කාමර 02 ක් කුඩා සාලයක්, කෑම කාමරයක්, කුඩා පැන්ට්‍රියක් සහිත තට්ටු තුනේ මේ බෝට්ටුව බෙන්තොට දේද්දූව තොටුපොළෙන් ගමන් අරඹනු දැක ගත හැකිය. බෙන්තර ගඟ බස්නාහිර හා දකුණ පළාත් දෙකට අයිති වන ගං දිගේ යාත්‍රා කරයි. දෙස් විදෙස් ඕනෑම අයෙක් සඳහා විවෘත මෙහි නැවතුම් සඳහා පැමිණෙනවා නම් පස්වරු 2.00 ට පැමිණිය යුතුය. පසුදා 12.00 ට නිමාව දකින මේ නවාතැන විටෙක සංචාරය ද කරයි. පැය 05 ක් පමණ වන යාත්‍රාවේදී කුරුල්ලන් නැරඹීම, කිඹුලන්, පාලම්පාරු, බෙන්තර පාලම, මාළු ඇල්ලීම, ඉස්සන් කොටුව, තුන්ඩුව ගම්මානය, කඩොලාන යනාදී බොහෝ දේ දැක ගත හැකිය. පරිසර හිතකාමී සෞන්දර්යාත්මක චාරිකාවක් වන මෙහි ළගා වෙන ඕනෑම අයෙක් ඕනෑම මානසිකත්වයක සිටිය ද ඔහු පරිසරයට අනුගත වන බව නම් නොඅනුමානය. මෙහි එල් කෝරලගේ නැමැති කපිතාන්වරයා සමඟ බෝට්ටුවේ කාර්යය මණ්ඩලය පහකි. ගං දියට බෝට්ටුවෙන් කිසිදා අහිතකර බලපෑමක් සිදු නොවේ. ලංකා හවුස් බෝට් සහ ජෙට්වින් හෝටෙල් හි හිමිකාරිත්වය යටතේ ඇති මේ හවුස් බෝට් හි නිර්මාණ සැලසුම් ශිල්පීයා වන්නේ සුනිලා ජයවර්ධන ය. 

 

 

පාවෙන පුංචි හෝටලය