අලකේශ්වර පවුල රයිගම සිට සිංහල රාජ්‍යයේ ප්‍රභූ රාජයන් ලෙස කටයුතු කළ බව ඉතිහාසයේ පෙන්වා දෙයි. කෝට්ටේ රාජධානියේ අවසාන අලකේශ්වර ප්‍රභූ රාජයා වුයේ වීර අලකේශ්වර ය. මෙම නටබුන් ස්ථානය කෝට්ටේ බළකොටුව ඉදි කර වු මේ වීර අලකේශ්වරයන්ගේ මාලිගාව හෝ ඔහු ආදාහනය කරන ලද ස්ථානය ලෙස විද්වත්හු මතබේද පළකරති.

මේ ස්ථානයේ එකිනෙකට සමීපව පිහිටි ගොඩනැගිලි පාදම් දෙකක් දක්නට වෙයි. එයින් වඩා විශාල ගොඩනැගිලි පාදම ආයත චතුරස්‍රාකාර හැඩක් ගනී. එහි දිග අඩි 41 ද, පළල අඩි 18.5 ද වේ. සමචතුරස්‍රාකාර හැඩයෙන් යුත් දෙවැනි පාදමයෙහි දිග හා පළල අඩි 21.5 කි.

මේවා සකස් කර ඇත්තේ කබොක් ගලිනි. මේ ස්ථානය අලකේශ්වර සොහොන ලෙස හැඳින්වීම මත බේදයට තුඩු දුන්නකි. කෙසේ වෙතත් මෙහි ඇති වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්, ලක්ෂණ සලකා බලන කල්හි මේ ස්ථානයෙන් ලැබී ඇති ජල පෙරණය, ඇඹරුම් ගල වැනි භාණ්ඩ අනුව මේ ස්ථානය වීර අලකේශ්වරගේ මාලිගාව බව තහවුරු වෙයි.

පිටකෝට්ටේ හන්දියේ සිට රාජගිරිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අලකේෂ්වර මාවතෙන් හැරී මීටර් 200 ක් පමණ ගිය විට මෙහි ළඟාවිය හැකියි.

 

Location name: 
sub title : 
අලකේෂ්වර භූමිය

අලකේෂ්වර භූමියේ නටබුන්