ක්‍රි.ව 14 වන සියවසේදී වීර නිශ්ශංක අලකේෂ්වර ප්‍රභූ රාජයා විසින් පරසතුරු උවදුරුවලින් මිදීම සඳහා ජල දුර්ග, පංක දුර්ග, පවුරු සහ අට්ටාල සහිතව මෙම බළකොටුව තැනූ බව මූලාශ්‍රවල සඳහන් වේ.

වර්ග සැලපුමක පමණ භූමි භාගයක් පසින් පුරවා නිරිත දිශාවෙන් ඇතුල් හා පිට දිය අඟල් දෙකක් සහිතව බළකොටුව කබොක්ගලින් නිර්මාණය කරන ලදි. බළකොටුවේ සතර කෙළෙවර සතරවරම් දෙව්වරුන් සඳහා දේවාල සතරක් විය. ක්‍රි.ව 1415 දී හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම බළකොටුව සිය අගනුවර බවට පත්කර ගන්නා ලදි.

යටත් විජිත සමයේදී බලපෑ යුරෝපීය ආක්‍රමණ හා ක්‍රි.ව 1521 දී සිදු වු විජයබා කොල්ලය නිසා මෙම බලකොටුව විනාශ විය. 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත යටතේ බළකොටුවට අයත් කොටු පවුර හා දිය අගල් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

නිකාය සංග්‍රහය හා සද්ධර්මරත්නාකරය ජයවර්ධනපුර බළකොටුව ගැන තොරතුරු සපයන මූලාශ්‍ර දෙකකි. කොටුව ගොඩනැගීම සඳහා අවුරුදු 20 ක් ගත වු බව සමකාලීන මූලාශ්‍ර සඳහන් කරයි.

එතරම් කලක් ගතවුයේ බලකොටුවේ වැඩ සඳහා අවශ්‍ය උපකරණ තරමක් දුර බැහැර සිට ජල යාත්‍රාවලින් රැගෙන ඒමට සිදුවීමත් යාපනයේ පාලකයන්ට රහසිගතව මේවා සිදුකළ යුතු බැවිනුත් ය.

 

Location name: 
sub title : 
කෝට්ටේ බළකොටුව

 කෝට්ටේ බළකොටුව