ගිනස් පොතට ගිය ඉන්දියාවේ දුම්රිය සේවය

 

ලොව මගී ගමනා ගමනේ සුවිශේෂි සන්ධිස්ථාන හමුවේ. අපි මගී ගමනා ගමන සේවය ගැන දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් බෝහෝ ය. “ඉපැරැණි කියමනක් තියනවා. නොදන්නා දේ කිරිසප්පයකුගෙන් වුණත් කමක් නැහැ අසා දැනගන්න කියලා.” ඇතැම් අය දන්නවාත් ඇති. ඇතැම් අය නොදන්නාවත් ඇති. දන්න අයට වැඩියෙන් දැනගන්නත්, නොදන්න අයට දැනගන්නත් මෙය මෙසේ ගෙන හැර දක්වමු.

මේ, ඉන්දියා දුම්රිය සේවයේ අරුම පුදුම කතාවකි. විවිධ ජාතින් ජීවත්වන ඉන්දියාවේ ගමනා ගමනයේ අපි නොදුටු තැන් බොහෝ ය. ඒවා ලෝකයේ පළමු පෙළේ රාමුවට වැටෙන තොරතුරුයි. මේ ලස්සන රටේ දුම්රිය පොළවල් 7000ක් පමණ තියෙනවා. ඉන් දුම්රිය ධාවනය කරන පීලි පද්ධතියේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 63028 කි. දෛනිකව ගමනා ගමන කටයුතු සඳහා 14300 පමණ දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට යොදවා තියෙනවා. දිගම දුම්රිය උමං මාර්ගය කිලෝමීටර් 11ක්.

දීර්ඝතම දුර ප්‍රමාණයක් ධාවනය වන දුම්රිය වන්නේ ඍඪමඥඬ ඡ්යනපඥඵඵ දුම්රිය යි. එය කිලෝමීටර් 3715 දුර ප්‍රමාණයක් ධාවනය වෙනවා. පැය වලින් ගණනය කළොත් පැය 71ක් වෙනවා. දිනවලින් ගත්තෝත් දින තුනක්. මගීන් මිලියන 20ක් සහ බර ටොන් ලක්ෂ 13ක් පමණ බඩු ප්‍රවාහණය දෛනිකව සිදු කෙරෙනවා. ලොව වැඩිම ශ්‍රම බළකායක් ඇති ආයතනය වන්නේත් මේ ඉන්දීය දුම්රිය සේවය යි.

සේවයේ යෙදෙන සේවක සංඛ්‍යාව, ලක්ෂ 15ක් ඉක්මවනවා. ඉන්දියා දුම්රිය රියදුරකු වීම ඉතාමත් අපහසු කාර්යයක්. නමුත් මෘදුකාංග ඉංජීනේරුවකු වීම ඉතාම පහසු කාර්යයක්. දුම්රිය රියැදුරකුගේ පඩිය මෘදුකාංග ඉංජිනේරුවකු ගේ පඩිය මෙන් දෙගුණයක්. ම්ඩචපඨනභප දුම්රිය ස්ථානය ලෝව දිගම දුම්රිය වේදකාව තිබෙන දුම්රිය ස්ථානයයි. එය දිගින් අඩි 2753ක් වෙනවා. එහි දිනකට දුම්රිය 64ක් ගමනාගමනයේ යෙදෙනවා. ඹ්භජඬදධඹ දුම්රිය ස්ථානය කාර්ය්‍ය බහුලම දුම්රිය ස්ථානයයි. දුම්රිය සේවය මුලාරම්භයේ සිට මේ තාක් ඇති සියලුම දුම්රිය එන්ජින් හා අංගණ මැදිරි ඇතුළත් කෞතුකාගරය එහි යටගියාව ගැන මනා තොරුතුරු අනාවරණය කරනවා.

දිනකට කෙතරම් දුම්රිය සේවාවක් ධාවනයේ යෙදුණ ද ඇතැම් මගීන්ට දුම්රිය ගමන් වාර මඟ හැරී යයි. ඒ අන් කිසිවක් නිසා නොව අධික තදබදය නිසාය.

ඉන්දීය දුම්රිය ගමනා ගමනේ සුවිශේෂී තොරතුරු රැසක්ම ගිනස් වාර්තා පොතට ද. ඇතුළෙන් වෙලා තියෙනවා. සුන්දර පරිසරය අස්වාදයත් සමඟ, ගවේෂණාත්මක තොරතුරු සොයා යන ඔබට ඉන්දීය දුම්රිය සේවයේ සහය පැතීමට හැකියි. ඒ සඳහා ඔබට නොපැකිලිව ඔවුන් හා සම්බන්ධ විය හැකියි. නැතහොත් අන්තර්ජාලය ඔස්සේ ද සම්බන්ධ වී තොරතුරු රැසක් ද ලබාගත හැකියි.

 

නිශ්ශංක විජේරත්න

ඉන්දියාවේ දුම්රිය සේවය