ගමන් මාර්ගය

කොළඹ නගරයේ සිට 170 -190 බස් රථයේ පැමිණ ඇතුළු කෝට්ටේ හංදියෙන් බැස නිපොන් මාවතේ සැතපුම් 1 1/2 පැමිණි විට මෙහි ළඟාවිය හැකිය.

කොළඹ නගරය සිට 168 හෝ බොරැල්ල 153 බස් රථය පැමිණ බංගලා හන්දිය බැස බැද්දගන පාරේ මීටර් 800 පැමිණ පසුව ළඟා විය හැකිය.

දිනපතා නගරයේ කලබැගෑනිය මැද ගිලී සිටිය ද මට වරින් වර ජෛව විවිධත්වයෙන් අනූන බැද්දගාන තෙත් බිම් උද්‍යානය සිහිපත් වේ. එහි සද එළියද තිම්රයෙන් වැසුණු නිහඩ රාත්‍රිය ද වල් අනෝදා සහ ගල්ඇහැ පඳුරුවලින් ගහන වූ මීටියාවත ද, ක්ෂිතිජය දක්වා විහිදි ගිය අදුරු පැහැගත් වෘක්ෂ ගොමු වද, මධ්‍යම රාත්‍රියේ නෙත් බිම මැදින් දුවයන හඳුන් දිවියන්, ඉත්තැවන්ගේ පා හඬද, මධ්‍යහ්නයේ දියවන්නා, වැව අසලට එන සිව්පාවුන් ද මිටියාවතේ පිපුණු වර්ණවත් වන මල් සහ නෙලුම් මල් ද, සුපිපි රක්ත වර්ණ මලින් පිරුණු කැලෑ වනය ද සිහිවන විට මට හැගෙන්නේ ඒවා සත්‍ය ලෝකයේ දී හමු වූ සෞන්දර්යාත්මක ස්ථාන බවයි. ඒත්, සිහිනෙන් දකින සෞන්දර්යයෙන් පිරුණු පෘථිවියක සැබෑ හා ජෛව විවිධත්වයෙන් අනූන උද්‍යානයක් කෝට්ටේ රාජධානිය නිර්මාණය වීම කෙතරම් අපූර්වද. මා සැරසෙන්නේ ඒ වැළලී ගිය අතීත බිමෙන් මතු වූ තෙත්බිම් උද්‍යානයට ඔබව රැගෙන යාමට යි. තෙත්බිම පුරා පිපී තිබෙන මානෙල් මල් සහ වන මල්වලින් සහ තණ පඳුරුවලින් හමන සුවඳ සුළඟේ හැපී මාගේ නාස් පුඩුවල ගැවසෙයි. ඒ කුරුල්ලන් අතර ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කුරුල්ලෝ ද සිටිති. මාගේ අධ්‍යයන චාරිකාවට උපදේශක වූයේ සමිර ප්‍රේමරත්න මහතා ය.

දසතපුරාම බැලූ බැලූ තැන දක්නට ලැබෙන්නේ තුරු ගොමුයි. නිදහසේ බොහෝ ඈතට විහිදුණු තණ නිල්ලෙන් වැසුණු මිටියාවතත් හරිත වර්ණ වන පියසත් එකතු වී සැණකෙළි පවත්වන්නා සේ ය. පෙනෙනා තෙක් මානයේ සිටින මිනිසුන් දෙදෙනා අපි වීමු. එහි මඳක් දුර ඇවිදි අපට දෑත පටලවා පෙම්හසර මුමුනන පෙම්වත්තුන් දක්නට ලැබිණි. මෙහි පැමිණි සිටි සියල්ලන්ම ලහිරු කිරණ මැද නිදහස් වූ ප්‍රහාතලය යට සිටින්නෝ නොවේද? ඔවුන් ඈත දිගන්තයේ සීමා රේඛාව දක්වා ඔවුන්ගේ ලෝකයේ හිදිති. ඇවිද යාමට ඇති පටු මාවත්වලදී හමු වූ පක්ෂින් අතර රන් යටිමල් කිරලා, කළුපිය ඉපල්පාවා, ලියසුදු කොරවක්කා, දම්මැදි කිතලා, පොදු ගැලිනුව, කනමැටි කොකා, කළුමැටි කොකා, පුංචි ගෙබිතුඩුවා, සුදුමැදි කොකා, බෙරසබිරිත්තා, කහකුරුල්ලා, නිල්මහගොයා, කොහා, සරපිනියා බදම සුදු කොන්ඩයා, ගෙලසුදු මැදි පිළිහුඩුවා දියකාවෝ වූහ. මෙහි පක්ෂීන් වර්ග 80ක් හා සමනලුන් 50 බත් කූරන් 35, මත්ස්‍යන් 20, ක්ෂිරපායින් 10,උභයජිවින් 05 ක් හා ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම තර්ජනයට ලක් වූ ශාක 100 ක් වේ.

නෙත්බිම් උද්‍යාන ලෝකයේ ඇති වඩාත් ඵලදායි පරිසර පද්ධති වන වැසි වනාන්තර සහ කොරල්පරවලට සම කළ හැක. ක්ෂුද්‍ර ජීවින්, ශාක, කෘමින්,උභයජීවින්, උරගයින්, පක්ෂීන්, මත්සයින් සහ ක්ෂිරපායින් ගේ පැවැත්ම සඳහා උචිත පරිසරයක් ඕචඤඤචඨචදච ඹඥබතචදඤ නචපඬ හි දක්නට ලැබේ. ඔබ තෙත්බිම් උද්‍යාන අධ්‍යාපන චාරිකාවක හෝ විනෝදාස්වාදය උදෙසා එන්නේ නම් විශේෂයෙන් සංක්‍රමණික සහ අභිජනන කාල තුළදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ පක්ෂින්, ක්ෂිරපායින් සතුන්ගේ ජීවන රටාවට බාධාවක් නොවන්නට ය.

මේ උද්‍යානයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 18 කි. 1984 වර්ෂයේ මෙය වනජීවි දෙපාර්තමේන්තුව ගැසට් පත්‍රයක් මඟින් ජයවර්ධනපුර කුරුලු අභය භූමිය ලෙස නම් කරන ලදී. අද එය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියකි. මෙහි පාලන කටයුතු සියල්ල නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සංචාරක පක්ෂීන් දැකගත හැකි දෙවන ස්ථානය ද මෙය වේ. මැයි මස සිට ඔක්තෝබර් දක්වා සංචාරක පක්ෂීන්ගේ පැමිණීම මෙබිම පුරාම සිදුවනු ඇත.

න අංශය, නාගරික සංවර්ධන අධිකාරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල.

විවෘතව තැබෙන වේලාව - පෙ.ව. 6.00 සිට ප.ව 6.00 දක්වා

ප්‍රවේශ පත්‍ර

වැඩිහිටි රු100/-

ළමා රු 50/-

පාසල් ළමුන්ට නොමිලයේ

 

සටහන හා ඡායාරූප  නිශ්ශංක විජේරත්න

 

Baddagana wetland park