අතීතයේ රාජකීය ඇත්තන් ගමන් බිමන් ගියේ දෝලාවෙනි. නැතිනම් අශ්වයා පිටිනි. තවත් කාලයක් ගතවෙද්දී රික්ෂෝවෙන් ද මිනිස්සු ගමන් බිමන් ගියහ. අතීතයේදී සාමාන්‍ය ජනතාව දින සති ගණන් ගෙවා දමමින් අම්බලංවල ලැඟුම් ගනිමින් දුර බැහැර ගමන් ගියේ වෙනත් කළ හැකි කිසිවක් නොතිබූ නිසා ය.

කාලයාගේ ඇවෑමෙන් සියල්ල වෙනස් මඟකට හැරෙන්නේ රෝද හතරේ වාහන මෙන්ම මහා මාර්ග ද කෙමෙන් ඉදි වුණ අතරේ ය. අශ්වකෝච්චි වැනි ප්‍රවාහන ක්‍රම ද මෙරටට හඳුන්වාදෙනු ලැබුවේ කාලයත් සමඟම ආ පෙරළිය තුළිණි. මේ කාලය තුළ වෙනත් දියුණු රටවල බස් ගමනාගමනය ප්‍රචලිතව තිබුණ ද අප රටට මුල්ම බස් රථය ගෙන එන්නේ 1907 තරම් දුර අතීතයකදී ය.

මේ අනුව යමින් මෙරට පෞද්ගලික බස් රථ ද ව්‍යාප්ත විය. කලක් ගත වනවිට මේ බස් රථ හිමිව තිබූ බස්හිමියෝ ඒවා බස් සමාගම් ලෙස ලියාපදිංචි කරනු ලැබූහ. සමාගම් ලෙස ලියාපදිංචි කළ ද ඇතැම්විට ඒවා සතුව තිබුණේ බස් රථ එකක් හෝ දෙකක් පමණි.

1958 වන විටදී ලංකා ගමනා ගමන මණ්ඩලය බිහිවී බස් ජනසතු කිරීම සිදුවන්නේ “ලංගම” යන කෙටිනාමය මෙරට ජනතාව තුළ මහත් බලාපොරොත්තු ඇති කරවමිනි. මෙහි ගමනා ගමනය සඳහා බස් ටිකට් පතක් නිකුත් කරනු ලැබිය. යුගයෙන් යුගය මෙරටට බස් රථවල මුහුණත මෙන්ම හැඩය ද යම් වෙනස්කම්වලට භාජනය වී තිබුණි.

එදා මෙදා තුර විවිධ හැඩයෙන් හා වර්ණයන්ගෙන් සැදී පැහැදී මෙරටට ආ බස් කතාවේ දෙනෙතින් දකින පුරාවෘත්තය සැබැවින්ම විසිතුරුය. අප කාට අමතකව ගියත් ඒ අතීත කතාව සංරක්ෂණය කර අනාගත පරපුර වෙනුවෙන් රැකදීමට වෙහෙසෙන අයකු අපට හමු විය. බස්වලට පෙම්බැඳි ඔහුගේ විනෝදාංශය මෙන්ම උත්සාහය ද අමුතුම එකකි. නමින් රවින්ද අල්විස් වන ඔහු මිට්සුයි සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරයි.

තවත් තොරතුරු සඳහා පුවත්පත මිලදී ගැනීමට පිවිසෙන්න www.lakehouseonlinepayments.lk

අපූරු බස් රථ අනුරූ එකතුවක්