ඔන්න පටන් ගත්ත වැස්ස කාලෙ. වට පිටාවෙ ගහ කොළටත් හරි අපූරු ලස්සනක් ඇවිල්ලා.

හ්ම්ම්.....

ඉඩෝරෙට වේළිලා ගිය ගංගා, දිය ඇලි ටිකත්, ඔය ටිකෙන් ටික පණ ගහල එන්නෙ. වැළ වරකා හතර වටින් සුවඳ දෙද්දි, තොර තෝංචියක් නැති කුරුලු හඬින් මුළුවට පිටාවම සංගීතවත් වෙලා. සතා සීපාවත් රංචු පිටින් ඇවිත් වතුර පාරවල් ළඟට කිට්ටු කරනවා. සුදු පෙණ බුබුළු නංවමින් රාවණා ඇලි කොමළිය හැඩ වෙන අපූරුව!

ඉතින්, මේ වසන්ත කාලේ කම්මැලිකමට ගෙදරට වෙලා ඉන්නෙ කොහොමද?

නෑඹුල් සුවඳ හමා එන පිරිසුදු වාතාශ්‍රයත්, බැලූ බැලූ අත පෙනෙන නේක වර්ණයෙන් හැඩ ගැන්වුණු ගහකොළත්, සිවු දෙසින් ඇසෙන සියොතුන්ගේ කන්කළු ගී නාදයත් එක්ක ඉර එළිය තෙත පොළවට වැටෙන්නත් කලියෙන් සීතල හපුතලේ ස්ටේෂන් එකෙන් පටන් අරගෙන සුන්දර කඳු හෙල්, මල් ගොමු, බිංගෙවල්, පහු කරන් රේල් පාර දිගේ ඇවිද ගිය අතීත ය.

“මොනවද ඔච්චර කල්පනා කරන්නෙ”

ලසාගේ හඬින් මගේ දැහැන බිදෙයි.

සීතල වතුර ටිකක් නාගෙන රස කෑම ටිකක් කාලා....................

නරක ද පොඩි වෙනසකටත් එක්ක පරිස්සමට දිය ඇල්ලක් කාරිය නැගලා, මදි පාඩුවට රොක් ක්ලයිම්බින්ග්, ට්රෙ.කින්ග්, සයික්ලින්ග් වගේ දෙයක් වුණත් කමක් නෑ ඉතින්,

හ්ම්

“ඇයි අනේ හැම දේටම හ්ම්,

බස්සෙක් වගේ ”

“ඔය කියන ඔක්කොම එක තැනකින් කොහෙද ?”

“තියනවා,”

ඇල්ල ඇඩ්වෙන්චර් පාක් සුපිරි ඇඩ්වෙන්චර් අත්දැකීමක් ගන්න ටිකක් දුරට යන්න කැමති අයට කියාපු හෝටලයක්. පිහිටලා තියෙන්නේ ඇල්ල - වැල්ලවාය පාරෙ 16 කණුවට කිට්ටුව, කිරිඳී ඔය අයිනේ.

ටිකක් වෙනස් තැනක්. නිර්මාංශ කෑම වේලක් කාලා, සීතල වතුර ටිකක් නාගෙන, පොඩි ගිනිමැළයකුත් එක්ක රැයක් ගත කරන්න නියමයි. ඇඩ්වෙන්චර් පැත්තට යනවා නම් මෙයාලා ළඟ තියෙනවා ඇබ්සෙලින්ග්, රොක් ක්ලයිම්බින්ග්, සයික්ලින්ග් වගේ දේවල්. හයිකින්ග්, ට්රෙයකින්ග් කොහොමත් තියෙනවනේ. කට්ටියට ඕන නම් බාබකියු, කෑම්පින්ග් පාරක් වුණත් ලෑස්ති කර ගන්න පුළුවන්.

ඇල්ල ඇඩ්වෙන්චර් පාක් එකට එහෙම නැතිනම් ඇල්ල ජන්ගල් රිසෝර්ට් හෝටලයට එන ඔබට මුලින්ම ලැබෙන අත්දැකීම තමයි මවුන්ටන් බයික් රයිඩ් එක. බයිසිකල් පදින එක අපට ඒ තරම් අලුත් දෙයක් නොවුණත් ඇල්ල ඇඩ්වෙන්චර් පාර්ක් එකේ මවුන්ටන් බයික් රයිඩ් එකේ පොඩි වෙනසකුත් තියෙනවා. අත්දැකීම වින්දම ඒ බව ඔබට හොඳට ම තේරේවි.

අපේ ගමනාන්තය වුණේ අංකෙළිපව්ව. පල්ලම පහු කරන් අපි ගිය පාර ටිකින් ටික කඳු පාරක් බවට හැරුණා. තව ටිකක් දුර යනකොට අප වන වියනතට ඇතුළු වුණා....අක්කර ගණනාවක් පැතිරිච්ච වන වියන යටින් යද්දි මතක් වුණේ ඔය සින්දුවල විෂුවල්වලට ගන්න ලොකේන්.

තවත් තොරතුරු සඳහා පුවත්පත මිලදී ගැනීමට පිවිසෙන්න www.lakehouseonlinepayments.lk

 

sub title : 
ඇල්ල Adventure Park

සුපිරි Adventure අත්දැකීමක් විඳින්න ඇල්ල Adventure Park එන්න