දුටුගැමුණු මහ රජු කලක් සිය වාසස්ථානය සඳහා මේ කන්ද යොදාගත් බවත්, රජුට වැඩ සිටීමට ස්වර්ණමය සිංහාසනයක් එහි තිබූ බවත්, එබැවින් මෙම කන්දට සිංහාසන කන්ද යන නාමය ද හේමකූඨ යන නාමය ද යෙදුණු බවත් කියවේ. මෙහි එන දුටුගැමුණු කුමුරු වෙනුවට ඇතමෙක් මහාසේන කුමරු වැඩ සිටි කන්ද බවද කියයි. මේ පර්වතයෙහි කිසියම් ප්‍රබලයකු වාසය කළ බව සිතිය හැකිය. එසේ හෙයින් ඔහු වැඩ වාසය කළ කන්ද වැඩ සිටි කන්ද වශයෙන් අදත් හඳුන්වයි.

වැඩසිටි කන්ද හා බැඳි තවත් රසවත් ජනප්‍රවාදයන් අපට හමුවේ. එහි සඳහන් වන්නේ දුටුගැමුණු මහ රජු එළාර හා සටනට යෑමට පෙර දස මහා යෝධයන් අතුරින් භරණ නම් යෝධයා සමඟ එහි ගොස් කන්දෙහි වූ මහාසේන දෙවොල හෙවත් කතරගම දෙවොලට භාරයක් විය. එනම්, තමා දියත් කරනු ලබන යුද්ධය ජයග්‍රහණය කළහොත් වහාම එහි පැමිණ කුඩා දෙවොල වෙනුවෙන් මහා දෙවොලක් කරන බවට පොරොන්දු වෙමිනි. යුද්ධය දියත් වුණි. රජුට ජය හිමි විය. භාර වු පරිදි කතරගමට පැමිණ දෙවොලක් ගොඩනැගීමට සුදුසු බිමක් පිරික්සීය. වැඩ සිටි කන්ද මුදුනෙහි ඒ සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් රජු ඊට උපක්‍රමයක් යෙදීය. රජුගේ දුන්න සහ ඊතලය ගෙන දුනුදිය හෙලා ඊයක් කඳු මුදුනේ සිට දිග හැරියේය. එය නික්මී ගොස් වර්තමාන කතරගම මහා දේවාලය පිහිටි ස්ථානයෙහි පතිත විය. ඒ අනුව දෙවොල ඉදි කිරීමට සුදුසු ස්ථානය මේ බවට තීරණය විය. ඒ අනුව වත්මන් කතරගම දේවාල භූමියේ අද අපට දැකගත හැකි ආකාරයේ දෙවොල ඉදි විය.

තවත් තොරතුරු සඳහා පුවත්පත මිලදී ගැනීමට පිවිසෙන්න www.lakehouseonlinepayments.lk

 

චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප- නිශ්ශංක විජේරත්න    

පුදබිම අද්දර සිංහාසන කන්ද