දුටුගැමුණු රජ සමයේ දි එනම් ක්‍රි.පූ.60 දී පමණ කතරගම දෙවොල ඉදිකරන ලදැයි සැලැකේ.

එදා දේව කාරිය සඳහා නිලධාරින් 55 ක් පමණ දෙනා පත් කර තිබූ බවත්, ඉර, හඳ, තරු පවතින තුරු ඔවූහු දේව කාරිය සඳහා කැප වූ බවත් ඉතිහාසය සාක්ෂි දරයි. අදටත් පරම්පරා උරුමයෙන් ඔවුන්ගේ ඥාතීන් මෙකී දේව කාර්යයේ නියැළෙනු දක්නට ලැබේ.

රාජකාරිකරුවන්, නිල රාජකාරිකරුවන් හා ප්‍රවේණි රාජකාරි කරුවන් ලෙස මොවුන් කොටස් තුනකි. මේ පුදබිමට නින්දගම් 84 ක් අයත් වන අතර, ඉන් ගම්පහ ප්‍රදේශය ප්‍රධාන වේ. හේවිසි කණ්ඩායම්, දියවඩන නිලමේ, මහ බෙත්මේ, කුඩා බෙත්මේ, හේනයා, ආදීන් ඒ ප්‍රදේශයේ නිල රාජකාරි කරුවෝ වූහ. ඔවුන් විසින් දේවාලය වෙනුවෙන් රාජකාරි ඉටු කරනු ලැබේ. දේවාලය සතු ඉඩම් අයිතියට කී නිලධාරින් තෙවර්ගයටම හිමි වූ අතර එමඟින් ලැබෙන ආදායම් දේවාලයට හිමි විය. දේවාලය සතු ඉඩම්වල පදිංචිකරුවන් එහි භුක්තිය වෙනුවෙන් ඇසළ මංගල්‍යයට දින පහක් සේවය කළ යුතු වේ.

මෙහි සෑම පූජාසනයක් ම අලංකාර කුඩා සමචතුරස්‍රාකාර ගොඩනැගිලි වේ. ගොඩනැගිල්ලෙන් පිටත දෙවියන් වෙනුවෙන් කිසිදු සැරැසිල්ලක් සිදු කර නැත. ඒ නිසා මේ සිද්ධස්ථානය ශී‍්‍ර ලංකාවේ හා ඉන්දියාවේ පවතින අනෙකුත් හින්දු සිද්ධස්ථානවලට වඩා වෙනස්කම් දක්වයි. සෑම පූජාසනයක්ම ගලින් නිම කර ඇති අතර වල්ලි අම්මා වෙනුවෙන් ඉදිකර ඇති පූජාසනය පමණක් දැවයෙන් නිමකර ඇත.

ඉතාම වැදගත් පූජාසනයක මහා දේවාලයේ හෝ මහා කෝවිල නමින් හඳුන්වයි. එහි පුද පූජා පවත්වනුයේ සිංහලයන් කතරගම දෙවියන් ලෙස හඳුන්වන ස්කන්ධ මුරුගන් සඳහායි. දේව ප්‍රතිමා ඉදිකර නැති අතර ඒ වෙනුවට අධ්‍යාත්මික සිත්තම් හා යන්ත්‍ර අන්තර්ගත වේ.

පූජාසන සංකීර්ණයේ පිහිටි විශාලම පූජාස්ථානය එය වන අතර පළමුව බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වනුයේ එය යි. එහි දේව ප්‍රතිමාවක් නැති වුව ද යාබද කුටියේ කරඬුව නමින් හඳුන්වන ශිව දේව ප්‍රතිමාවක් පවතී. කළ්‍යණගිරි ස්වාමිගේ යැයි සිතා සිටින කොටි සමකින් ආවරණය කරන ලද “කලන මඩම” නමින් හැඳින්වෙන මැටි පුටුවක් එහි දක්නට ලැබේ. ප්‍රධාන පූජාසනයේ වම් පසින් ගණපති දෙවි නමින් සිංහලයේ හඳුන්වන ගනේෂ් නම් දෙවියන්ට අයත් වූ කුඩා පූජාසනයක් පවතී. දමිළ භාෂාවේ දී ඔහු හඳුන්වනු ලබන්නේ “මරණික පිල්ලෙයාර්” ලෙසයි. එය ද සැරැසිල්ලෙන් තොර සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වේ. ගනේෂ් පූජාසනයට වම්පසින් විෂ්ණු දෙවියන් සඳහා වූ විෂ්ණු දේවාලය පිහිටා ඇත. එහි බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් ද පවතී.

මෙයට පිටුපසින් අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලෙස සැලකෙන විශාල බෝ ගසක් පවතී. බටහිර පූජාසන සංකීර්ණ කාලි, පත්තිනි, මානගර, දෙවියන්, දැඩිමුණ්ඩ සහ සුනියම් දෙවියන් උදෙසා වෙන්කර ඇත. සිද්ධස්ථානය අංගණයෙන් පිටත උතුරු පිවිසුම් මාර්ගය ඔස්සේ තේවයානි සිද්ධස්ථානය පිහිටා ඇත. එය පාලනය කරනු ලබන්නේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ශ්‍රී නගර් සිට පැමිණි සන්කර මුත් විසිනි.

එය ද ප්‍රධාන දෙවියන්ගේ වල්ලභ වන වල්ලි අම්මා උදෙසා පවතින අතර ඇය මුස්ලිම් පල්ලිය ඉදිරිපිට වැතිර සිටී. මුස්ලිම් පල්ලිය තුළ මුස්ලිම් භක්තිකයන්ට අයත් වූ සුසානඝර කිහිපයක්ම පවතී. කල්‍යණගිරි ස්වාමිගේ සුසානඝර සමඟ සාදන ලද පූජාසනයක් ද පවතී. එය ද්‍රවිඩ ජනතාව මුතලිගස්වාමි කෝවිල නමින් හඳුන්වනු ලබයි. එය ශිව දේවාලය නමින් ද හඳුන්වයි. කතරගම පුදබිම ලොව එකම සර්වාගමික කෙන්ද්‍රස්ථානය ලෙස හැඳින්විය හැක. හින්දු, බෞද්ධ, මුස්ලිම්, බැතිමතුන්ට අයත් ආගමික ස්ථාන තුනක් කතරගම පුදබිම තුළ පවතින අතර මෙම පුදබිම වෙත පැමිණෙන සියලු ජාතීන්ට අයත් බැතිමත්හු ආගමික සහජීවනයෙන් සිය වන්දනාමාන කටයුතු සිදු කරති.

කතරගම පුදබිමට පැමිණෙන ඇතැමෙක් සෙනසුරාදා සහ බදාදා විශේෂ කෙම්මුර දිනයන්හි පැවැත්වෙන විශේෂ පූජාවට සහභාගි වෙති. අමතරව දිනපතා පැමිණෙන බැතිමතුන්ගේ දේව පූජාවන් ද කපු මහතුන් විසින් පවත්වනු ලැබේ.

ඇතැම් බැතිමතුන් සිය සිරුරට කටු ගසාගෙන දෙවියන්ට පුද පූජා තබන අතර කතරගම දෙවියන්ට ආවේණික වූ කාවඩි නැටුම් නටා පුද පූජා තබා දෙවියන් අදහන අතර, බිම පෙරළී සිතුම් පැතුම් ඉටු කර දෙන ලෙස අයැද සිටින පිරිස් ද නිතර දැක ගත හැකිය.

කරගම පූජනීය කෙම් බිම වසා පැතිර පවතින මේ අපුරු පෙළ ගැස්ම වූ කලි සියලු ජනයාගේ ශුද්ධාව ද, භක්තිය ද, එතැන් කොට ඔවුනොවුන්ගේ අපේක්ෂා සහගත ප්‍රාර්ථනයන් ඵල දරනු වස් නොදැන ගියහොත් අතරමං වන දැන ගියහොත් සුවය දෙන අසිරිමත් අඩවියක්මය.

 

 

නදීකා සංජීවනී රත්නායක

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

අසිරිමත් කතරගම අඩවිය