හින්දුන් කරපාදය ලෙසත් සිංහලයින් පාද වන්දනාව ලෙසත් හදුන්වන පාද වන්දනාව වසර 2000 කට වඩා ඈතට දිව යන වන්දනාවක්. කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටුවීමත් සමඟ පාද වන්දනාව ආරම්භ වෙයි. මේ සඳහා බැතිමතුන් කල් තියා සුදානම් වෙති. බත් වියළා, හබල පෙති ලෙස සකස් කර ගන්නා අතර තවත් අය කල් තියා ගෙන කෑමට ගත හැකි රස කැවිළි වැනි දේවල් සාදවා ගෙන මස් මාංශයෙන් තොරව සැහැල්ලුවෙන් දවස ගෙවා පාද වන්දනාවට කණ්ඩායම් ලෙස පේවී පැමිණෙති..

යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, කිලිනොචිචිය යන ප්‍රදේශ ඔස්සේ හිංදුන් පැමිණෙන අතර තවත් පිරිසක් නුවර එළිය, හලාවත, අනුරාධපුර වැනි ඈත පළාත්වල සිට පාද වන්දනාවට පැමිණෙති. මේ ලෙස එන බැතිමතුන්ට ගම්නියම් තුළට පැමිණි පසුව නොමිලේ ආහාර පාන ලබා දීමට ගම්වල උදවිය කි‍‍්‍රයා කරති.

මේ ගමන සදහා බාල මහලු, ලොකු කුඩා වයස් භේදයකින් තොරව පැමිණිීිම විශේෂයකි.

තවත් තොරතුරු සඳහා පුවත්පත මිලදී ගැනීමට පිවිසෙන්න www.lakehouseonlinepayments.lk 

 

කතරගම සංචාරක

- කේ.ඩී. දේවපි‍්‍රය

ඡායරූප - නිශ්ශංක විජේරත්න

කඳ සුරිඳු සොයා යන පාද යාත්‍රාව