මෙරට පාරම්පරිකව පැවැත ආ ගුණාත්මක භාවයෙන් ඉහළ දේශීය ආහාර ද්‍රව්‍ය රැසක් වර්තමානය වන විට අපේ ආහාර වේලෙන් ගිලිහෙමින් තිබේ. එහෙත් එම දේශීය ආහාරවල නිසි වටිනාකම අවබෝධකරගත් හිඟුරක්ගොඩ සී.අයි.සී කෘෂි හෝටලය ඔවුන් වෙත පැමිණෙන පාරිභෝගිකයන් හට නා නා විඳ දේශීය ආහාර රැසක රස විදීමේ අවස්ථාව උදා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අපට ද එම හෝටලය මඟින් ඉතා රසවත් ලෙස සකස් කර තිබු අවර ව්‍යංජනයේ රස විදීමේ අවස්ථාව පසුගියදා උදාවිණි. එම නිසා ම ඔබටත් එය සකස් කර ගන්නා අයුරු කියා දීමට අප තීරණය කළෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අවර - 250 g

මිරිස් හැදි 01

කහ කුඩු හැදි 1/2

තුනපහ කුඩු හැදි 1,1/2

එළවළු තෙල් හැදි 02

කුරුඳු පොතු

අබ

පොල් කිරි-100 ml

ලුණු

සුදු ලූනූ

ලූනු

රම්පා, කරපිංචා

සකස් කරගන්නා ආකාරය

අවර දළු කරල් අරගෙන එය දෙකට පලා එහි ඇතුලේ ඇති ඝනකම් සිවිය ඉවත් කර අඟලේ පමණ කෑලිවලට කපා ගන්න. හොඳින් පිරිසුදුව සෝදා ගත් එම අවර කෑලි විනාඩි දෙකක් පමණ උණු වතුරේ තම්බාගන්න. ඉන් අනතුරුව තාච්චියකට තෙල් එක්කර ඊට අඹ, රම්ප කරපිංචා, ලුනු, අමුමිරිස්, කුරුඳු එක්කර තෙම්පරාදු කරගන්න. මුලින් තම්බාගත් අවරවලට මිරිස් කුඩු, තුනපහ එක්කර තෙම්පරාදුව සමඟ මිශ්‍රකර ඊට දිය කිරිදමා මදක් තැම්බීමෙන් පසු යළි මිටිකිරි එක්කර විනාඩි දහයකින් පමණ ලිපෙන් බා ගන්න.

නුවන් කොඩිකාර

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

 

CIC Agri Holiday Resort,
CIC Seed Farm,
Hingurakgoda.
Tel.(+94)272247233
Fax.(+94)272247229
[email protected] 
Website.http://windsorpark.cicagri.com 

Location name: 

අවර ව්‍යංජනය