ගලපාත රජමහා විහාරය

අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සෙගේ එක් දළදාවක් වැඩ සිටින පුන්‍ය භූමියක් ලෙස ගලපාත රජමහා විහාරය බෞද්ධයන් අතර ප්‍රචලිතව තිබේ. මහා කාශ්‍යප දළදාව     දඹදිවින් ලක්දිවට වැඩම කරවා ඇත්තේ අනුරාධපුර සමයේදී ය. පසුව අනුරාධපුරයේ වැඩසිටී එක් රහතන් වහන්සේනමක් මහා කාශ්‍යප දළදා වහන්සේ ගෙන දකුණු පළාතේ බෙන්තර ගලපාත රජමහා විහාරයට පැමිණ දළදාව එම විහාරයේ තැන්පත් කර තිබේ. මේ බැව් දැනගත් දුටුගැමුණු රජතුමා තම සොහොයුරු සද්ධාතිස්ස කුමාරයා බෙන්තර ගලපාත විහාරයට යවා එම විහාරය සියලු අංගෝපාංගයන්ගෙන් සපිරි මහ විහාරයක් බවට පත්කර තිබේ. මෙම විහාරය ගලකුරුමුලය, සේලාන්තරමූලය, බෙන්තොට විහාරය, භීමතිත්ථ විහාරය විවිධ නම්වලින් හඳුන්වා ඇත. මෙහි ඵෙතිහාසික සෙල්ලිපියක් ද, උමං මාර්ගයක් ද තිබේ. සෑම වර්ෂයකම දෙසැම්බර් මස දළදා පෙරහැර පැවැත්වෙන අතර එය "බෙන්තර දළදා පෙරහැර" නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙහි වත්මන් විහාරධිපතිත්වය ශාස්ත්‍රපති පූජ්‍ය සීගිරියේ අනෝම හිමියන් විසින් උසුලති. ගාල්ල කොළඹ මාර්ගයේ 39 වන සැතපුම් කණුව පසුකර ඇල්පිටිය මාර්ගයේ සැතපුම් එක හමාරක් දුර ගොස් හමුවන ආරච්චි මුල්ල මංසන්ධියේ සිට සැතපුමක් දුර ගෙවා බෙන්තර රවුම් පාරේ ගිය විට මෙම විහාරය හමු වේ. 
 

 

 

ගලපාත රජමහා විහාරය