CIC කෘෂිකර්ම ව්‍යාපාරයට අයත් මේ windsor park නිවාඩු නිකේතනය හිඟුරක්ගොඩ පිහිටයි. කෘෂිකර්මය ට පමණක් නොව සොබා දහමට, විනෝදයට මෙන්ම විවේකය ගත කරන්න කියාපු බිමක් තමයි මේ නිවාඩු නිකේතනය.

 

 

CIC කෘෂිකර්ම ව්‍යාපාරයට අයත් මේ windsor park නිවාඩු නිකේතනය හිඟුරක්ගොඩ පිහිටයි. කෘෂිකර්මය ට පමණක් නොව සොබා දහමට, විනෝදයට මෙන්ම විවේකය ගත කරන්න කියාපු බිමක් තමයි මේ නිවාඩු නිකේතනය.

අක්කර 1200 ක වපසරියක් පුරා ගොවිපොලේ නිෂ්පාදන කටයුතු සිදුවෙයි. ඒ අතර, බිත්තර වී නිෂ්පාදනය හා රට පුරා බෙදා හැරීම, දෙස් විදෙස් වෙළෙඳ පොළ වෙත කෙසෙල් නිෂ්පාදනය හා බෙදා හැරීම, මී ගව පාලනය හා මී කිරි නිෂ්පාදනය, අඹ වගාව, පැළ තවාන, නිෂ්පාදනය හා බෙදාහැරීම කෘෂි සංචාරක සේවාව(windsor park ආශ්‍රිත) මංගල උත්සව පැවැත්වීම, කෘෂි අළෙවි සැල පවත්වාගෙන යෑම යනාදිය සිදු වෙයි.

මීට අමතරව එළවළු වගාව හා කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සිදු කෙරේ. 2010 වර්ෂයේ හොඳම කෘෂි සංචාරක ව්‍යාපාරයට හිමි සම්මානය දිනූ මෙහි කබානා 08 කි. ඒවායෙහි සියලු පහසුකම් සහිත ය. උණුසුම් ජල පහසුකම්, වායු සමීකරණ පහසුකම්, තේ පානයට අවශ්‍ය පහසුකම්, DialogTv,Mini bar  යනාදි ඇතුළත් ය.

මෙහි ඇති නාන තටාකය ද ඔබේ කායික හා මානසික වෙහෙස දුරලන්නට සමත් වෙයි. තවද ඔබට අවශ්‍ය ආකාරයට ගොවිපොළ නැරඹීමට ද පහසුකම් ඇත. ඒ සඳහා මඟපෙන්වීමක් හා කෘෂිකර්මාන්තය පිළිබඳ මනා දැනුමක් ද ඔබට ලබා දේ.

ගොවිපොලේ සැකැසෙන ආහාර වේිලට ඔබටම සම්බන්ධ වී එහි ඵල නෙළා ගත හැකියි. සූපවේදී මහතා සමඟ එය අද්දැකීම ඔබට බෙදාහදා ගත හැකිය. ගොවිපොළේ සැකසෙන්නේ ගෙවත්තේ ඵල දරණ නැවුම් බෝග, එළවළු පළතුරු ය. ගොවිපොළ කුරුලු අභය භූමියකි. සංචාරක පක්ෂීන්ගේ තිප්පොළකි. පක්ෂී නිරීක්ෂණයට ප්‍රිය කරන ඔබට නොයෙක් පක්ෂීන් වර්ග රැසක් දැකගත හැති වෙයි.

පිළිහුඩුවා, උකුස්සා, කහ කුරුල්ලා, වට කුරුල්ල, මයිනා, මොනරා හා කොබෙයි වර්ග ඒ අතර වේ. තවද ගොවිපොළ තුළ මී මින්නෝ සහ මුවෝ නිදහසේ සැරි සරති. සී.යි.සී. බීජ ගොවිපොළේ උත්සව ශාලාවක් ද ඇත. මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සවයකට එහි ඉඩකඩ ඇත.

ප්‍රනීත ආහාර පාන වගේම සියලු උත්සව භාණ්ඩ හා සේවාවන් මෙහිදී ඔබට ලබාගත හැකියි. තවද බීජ ගොවිපොළට ඇතුළු වෙද්දී ඔබට ඇළවි සැලෙන් සී.යි.සී. නිෂ්පාදන මිළ දී ගතහැකියි.

ඔබ වෙනුවෙන් ම නව කබානා ඇතුළු නවාංග රැසක් මේ ගොවිපොළට ඉදිරියෙහි ස්ථාපිත කිරීමට යෝජිත ය. කමල් අඹගස්පිටිය මහතා මෙහි කළමනාකාර තනතුර හොබවයි.

25 දෙනෙකුගෙන් යුතු වත්මන් සුහඳශීලී හා කාර්යක්ෂම කාර්යය මණ්ඩලය ඔබගේ පැමිණීම සුහද සිතින් පිළිගැනීමට සූදානමින් සිටිති. ප්‍රණීත ආහාර පාන සමඟින් විනෝදය හා විවේකය ඇතුළුව අර්ථවත් සංචාරයක් ගත කිරීමට ඔබට මෙය කදිම නවාතැනක් බවද පෙන්වා දෙමු.

 

[email protected] 

windsorpark.cicagri.com  වෙතින් ඔබට තවත් බොහෝ තොරතුරු ලැබිය හැකියි.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප-නිශ්ශංක විජේරත්න

 

Location name: 
sub title : 
CIC Seed Farm

Agri Holiday Resort CIC Seed Farm