කෝමාරිකා යනු ඉහළ ඖෂධීය ගුණයකින් පිරි ශාක වර්ගයකි. මිනිස් සිරුරේ බාහිරව මෙන් ම අභ්‍යන්තරව ද ඇති වන රෝග රැසක් සුව කර ගැනීම සඳහා මෙම ශාකයේ කොටස් යොදා ගැනේ. මෙහි වටිනාකම වටහාගත් පොළොන්නරුව, හඟුරන්කෙත පිහිටි සී.අයි.සී කෘෂි හෝටලය මඟින් සිය පාරිභෝගිකයන් හට කෝමාරිකාවලින් සාදා ගත් රසවත් පානයක් පිරිනැමේ.මෙහි ඇති වැදගත්කම අවබෝධකරගත් අප ද ඔබටත් එය සකස් කරගන්නා අයුරු කියා දීමට තීරණය කළෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කෝමාරිකා මදය 200 ඨ

දෙහි ගෙඩි (භාගය යි)

සීනි මේස හැඳි 02 යි.

ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)

අයිස් ( අවශ්‍ය ප්‍රමාණයට)

 

සකස් කර ගන්නා අයුරු

මුලින්ම කෝමාරිකා ගෙන එය හොදින් සොදා ගන්න. ඉන් පසු එහි කොළ පැහැති පොත්ත සූරා එහි මැද ඇති සිවිය (ජෙල් එක සහිත කොටස) ගෙන බ්‍රෙන්ඩරයට දමන්න. ඊට දොඩම්, දෙහි, සීනි,ලුණු හා අයිස් දමා වතුර ස්වල්පයක් ද එක් කර හොඳින් බ්‍රෙන්ඩර් කරගන්න. විනාඩි 04 ක් පමණ එලෙස බ්‍රෙන්ඩර් කර ගැනීමෙන් පසු එය හොඳින් පෙරා පිළිගන්වන්න.

CIC Agri Holiday Resort,
CIC Seed Farm,
Hingurakgoda.
Tel.(+94)272247233
Fax.(+94)272247229
[email protected]
Website.http://windsorpark.cicagri.com
 

නුවන් කොඩිකාර

ඡයාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

කෝමාරිකා