32 කුරුණෑගල එහෙම නැත්නම් ඇතුගල් පුර කියන්නේ කඳු වළල්ලකින් වට වුණ සුන්දර, මනරම් නගරයක්. අතීතයේ සිට රජවරුන්ගෙන් පෝෂණය ලද මේ ඇතුගල් පුරවරය ට පිවිසෙන ඔබට නිදහසේ විවේකීව කාලය ගත කරන්න පුළුවන් නවාතැන් පොළක් ගැන පුංචි ඉඟියක් දෙන්නයි අපේ උත්සහය.

නගරය මධ්‍යයේ පිහිටා තිබෙන මේ නවාතැන් පොළ හඳුන්වන්නේ “ඇතුගල හෝටය” නමින්. නගර මධ්‍යයේ පිහිටියා ට ඉතා නිසංසල හා නිස්කලංක පරිසරයක තමයි මේ හෝටලය ඉදිකර තිබෙන්නේ. බැලූ බැල්මට ප්‍රධාන පාරට ආසන්න වුණාට ගහ කොළෙන් මෙන්ම සුන්දර පරිසරයකින් හෙබි උද්‍යානයක් මෙහි පිහිටා තිබෙන නිසා නගර මධ්‍යයේ ඇති හෝටලයක් කියන හැගීම කිසි විටෙකවත් ඇති වෙන්නේ නැහැ.

වායු සමනය කළ හා නොකළ කාමර 05ක්, ඇඳවල් 04 කින් සමන්විත Family Room, Duble Room . රෙස්ටුරන් එකක්, Wedding Hall මේ හෝටලය සතු යි. ඒ වගේම තමන්ගේ රුචිකත්වය අනුව කෑම බීම ලබා ගැනීමේ පහසුකම් ද මෙහි තිබෙනවා. හෝටලය සතු කෑම වට්ටෝරුවලට අමතරව පාර්භෝගිකයාගේ කැමැත්ත පරිදි දේශීය මෙන්ම විදේශීය කෑම ලබා දීමටත් ඔවුන් සැදී පැහැදී සිටිනවා.

හෝටලයට ඇතුලු වන ස්ථානයේ අලංකාර ලෙස සකස් කර ඇති ගොඩනැගිල්ලක පහසු මිල ගණන් යටතේ බුෆේ ක්‍රමයට ආහාර ගැනීමට පහසුකම් සලසා ඇති අතර ඕනෑම අයෙකුට මින් ආහාර ලබාගත හැකියි. මෙය සෑම දිනකම පෙරවරු11.30 සිට පස්වරු 3.00 දක්වා විවෘත යි.

රුපියල් 150 සිට 200 දක්වා මිල ගණන් යටතේ මෙම ආහාර වේලක් ලබාගත හැකි යි. තමන්ගේ විවාහ මංගල උත්සව ගැනීමේ පහසුකම් ද මේ හෝටලය සතුව තිබෙන අතර එක් කෑම පිගානක් රුපියල් 700 සිට රුපියල් 1250 දක්වා පහසු මිලකට ලබාගත හැකි වීම මෙහි ඇති සුවිශේෂත්ව යි.

මීට අමතරව විවාහ මංගල උත්සව සඳහා තවත් වරප්‍රසාද හා පහසුකම් රැසක් ලබාදීමටත් ඇතුගල හෝටලය කටයුතු කර තිබෙනවා. ඇතුගල හෝටලයට පැමිණෙන පාරිභෝකයන්ගේ ආරක්ෂාව මෙන්ම ඔවුන් සුහදශීලි පිළිගනිමින් හෝටලයනට එහා ගිය සේවාවක් ලබාදීමට එහි සේවකයන් කටයතු කරන අතර තමන් ගේම නිවසේ ගත කරන හැගීමෙන් විවේකීව සිටීමට හොඳම තෝනැන්නක් ලෙස ඇතුගල හෝටලය දෙස් විදෙස් සංචාරකයන් අතරව ප්‍රචලිතව තිබේ.

මෙහි අධිපති එස්. ආර් පතිරණ මහතා ය. කළමණාකරු ඒ.කේ.පී අමරසිංහ මහතා ය.

කුරුණෑගල ඇතුගල හෝටලය,

195/ මීගමුව පාර, පුවක්ගස් හන්දිය,

කුරුණෑගල.

දුක-0776596989 / 0372232037/

0771058492

[email protected]

 

නුවන් කොඩිකාර

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

ඇතුගල ඇති කදිම හෝටල