හඟුරන්කෙත වළලවෙල ගෙදර කුඹුරේ අභයකෝන් ජයසේකර මුදියන්සේලාගේ ඩිංගි රාළසොහොයුරන් දෙදෙනෙකුට බාලයා ලෙස උප්පත්තිය ලැබීය. හඟරන්කෙත දේවාලයේ පාලන නිලයක් හෙබ වූ හඟුරන්කෙත මොහොට්ටාල ඩිංගිරාලගේ පියා ය.

කීර්තිමත් පරම්පරාවකට හිමිකම් කියු ඩිංගිරි රාළ ඇතුළු සොහොයුරන් එක්ව සතුරාගෙන් රට බේරා ගැනීමේ සටන්වලට නායකත්වය ලබාදුන්හ. කුරුණෑගල නගරය සතුරාගෙන් බේරා ගැනීම සඳහා අවි ආයුධ සහිත 1500 ක් පමණ සිංහල රණකාමීන් සමඟ බඩගමුවේ කඳවුරු බැඳ ගත් ඩිංගි රාළ සුද්දන්ට පහර දී එම නගරය බේරා ගැනීමට සමත් විය.

ඌව පළාත, හඟරන්කෙත, දුම්බර, හාරිස්පත්තුව මෙන්ම කුරුණෑගල, පුත්තලම ප්‍රමුඛ සත්කොරළයේ රජු ලෙස කිරුළ පැලදි හඟරන්කෙත ඩිංගිරාළ වීදියපැල්ලේ බණ්ඩාර නාමයෙන් ද හඳුන්වන ලදි.

1848 පූලි තිස්වැනිදා පෙරවරු 11.33 ට යෙදී තිබූ ශුභ මොහොතින් ලුණුකඩවැල්ල රාජ මහා විහාරයේ අධිපති පිළිමතලාවේ ධම්මදස්ස නාහිමි විසින් ලුණුකඩවැල්ල රාජ මහා විහාර බිමේ ඉපැරැණිව නටබුන් පැවැති නාථ දේවාලයේ දී වීදිපැල්ලේ බණ්ඩාර රජුට ඔටුණු පලඳවන ලද බව ප්‍රදේශවාසීන්ගේ පුරාවෘත වල සඳහන් වේ.

රාජකීය බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1848 වසරේ අග භාගයේ දී ඩිංගි රාළ ජිවග්‍රහයෙන් අල්ලා ගෙන යුද්ධාධිකරණය වෙත ඉදිරිපත් කර චෝදනා රැසක් ඉදිපත් කළේය. තමන්ට දඩුවම්වලින් බේරීම සඳහා කුමක් හෝ කියන්න ඇද්දැයි යුද්ධාදිකරණයෙන් ඇසූ විට “ චෝදනා පිළිබඳව කීමට දෙයක් මට නැහැ” යැයි කිසිඳු පැකලීමකින් තොරව සෘජුව ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව ඔහුට වෙඩි තබා මරා දිනහතක් කුරුණෑගලට ඇතුල් වන නැගෙනහිර කඩවතේ ප්‍රසිද්ධ ස්ථානයක ගසක එල්ලා තැබීමට කටයුතු කළේය.

හඟුරන්කෙත ඩිංගිරාළ රජතුමා