ඓතිහාසික මුලාශ්‍ර අනුව 1844 දී ඔරතෝරියානු කිතුණු පියවරුන් විසින් රෝමයට යවන ලද වාර්තාවක සඳහන් වන පරිදි ශාන්ත ආනා දේවස්ථානය ශාන්ත ආනා මුනිවරියට කැප කරන ලද්දක් බව ද සඳහන් ය.

ගේබ්‍රීයෙල් කාසි චෙච්ටි විසින් ක්‍රි.ව. 1840 - 12 - 31 කයිකාගේ අන්තෝනියෝ දක්ෂිණ ප්‍රතිරාජගුරු හිමිපාණන් වෙත පරිත්‍යාග කර ඇත. දේවස්ථානයේ මුලු භූමි ප්‍රමාණය රූඩ් 3යි, පර්චස් 22.4ක් වේ. දේව මැදුරේ දහම් කටයුතු ඉටුකරන ලද්දේ මහනුවර දිශාවෙන් පැමිණි ඔරතෝරියානු පියවරුන් විසිනි.

1847 වර්ෂයේදී නි.ම.නි. ගුරු පියවරුන්ගේ පැමිණීම සමඟ කුරුණෑගල ප්‍රදේශය උතුරු ප්‍රතිරාජගුරු පදවිය යටතේ පාලනය විය. ඉන්පසු මහනුවර, කෑගල්ල වහ කෝට්ටේ සහ කුරුණෑගල එකම මීසමකට අයත් විය. 1861 කුරුණෑගල නව මීසමක් හැටියට පත්කරන ලදී. ගරු ප්‍රැන්සිස් සේරියර් පියතුමා එහි පළමු මීසම් පාලක පියතුමා විය.

පිරිමි ළමුන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රථම වරට ඉංගී‍්‍රසි පිරිමි පාසලක් කුරුණෑගල මීසමට අනුබද්ධව ගරු ප්‍රැන්සිස් සාමිසර් පියතුමා විසින් ආරම්භ කරන ලදී. ගරු ඒඩ්‍රියන් ඩුෆෝ පියතුමා විසින් 1872 - 82 පියාගේ රැකවරණය අහිමි වූ දරුවන්ට “අනත්දරු මඩම” සාදන ලදී. මෙහි ස්වභාෂා පාඨමාලා ස්ථාපිතකර ඇති අතර එයින් අධ්‍යාපනය ලැබුවන් දහම් සේවයේ යෙදුණි. දේවස්ථානය කේන්ද්‍රකොටගෙන අධ්‍යාපනය ලැබුවන් නිසා උගතුන් රැසක් බිහි වී ඇත. මේ කාලය තුළ දේවස්ථානය වටා 350ක් පමණ කිතුණු බැතිමතුන් ගෙන් යුක්ත දේවස්ථාන ගණනාවක් නිර්මාණය විය. 1876 දී ලුර්දු දේව මාතා ප්‍රතිමාවක් කපිතාන් ආනන්දප්පා විසින් පරිත්‍යාග කරන ලදී. දේවස්ථානය මුල්කොට ගෙන 1873 - 11 - 12 දින ඉංගී‍්‍රසි බාලිකා පාසල ද ආරම්භ කර ඇත. 1888 - 1892 දී ගරු පාර්බෝස් පියතුමා විසින් කතෝලික පුස්තකාලයක් ආරම්භ කරන ලදී.

1940 - 03 - 25 දින අති උතුම් එඩ්මන් පිරීස් හිමිපාණණෝ දෙගුරුතුමන් ලෙස අභිෂේක ලැබුහ. ඉතාලි, ප්‍රංශ හා බෙල්ජියම් ජාතික ධර්මදුත පියවරුන් 50 දෙනෙකුගේ පමණ සේවයට පාත්‍ර වූ කුරුණෑගල මීසම, හලාවත පදවිය යටතේ ස්වදේශිත පියවරුන් යටතට පත්විය.

ඒ අතරින් පළමු පියතුමා වුයේ ගරු බැසිල් ෆොන්සේකා පියතුමාය. ස්වදේශීක පියවරුන් පාසල් කේන්ද්‍ර කොටගෙන විවිධ සමිති සමාගම් පිහිටුවන ලදී. ආගමික පසුබිම කෙන්ද්‍රකොටගෙන ගිහිනායකයින් බිහි කිරීම එම හිමිවරුන්ගේ මුලික අරමුණ විය. 1956 දී සදාසරණ නුවානයී පැවැත්වීම ආරම්භ වීමෙන් පසුව මෙම දේවස්ථානයට අනුබද්ධ ජනතාව තුළ දේවමාතා භක්තිය වඩාත් ප්‍රචලිත වීමද විශේෂ ලක්ෂණයක් විය. 1961 වසරේ දේවස්ථානයට ලුර්දු ගුහාවක් ස්ථාපිත කරන ලදී. එය ගරු ෆ්‍රෙඩී සැකට් (නි.ම.නි) පියතුමන් විසින් ආසිරි ලැබිණි. සෑම වසරකම පෙබරවාරි මාසයේදී ලුර්දු මංගල්‍යය සහ සුව මෙහෙයක් ද මෙම ලුර්දු ගුහාව අබියස පවත්වනු ලැබේ.

1966 දී දේවස්ථානයේ මොගොප්පුවේ ඉපැරැණි පෙනුම වෙනස් කර නව පෙනුමක් එක් කරන ලදී. වසර 125ක ගමන් මඟ සමරමින් 1986 දී පුබීලි මහොත්සවයක් පවත්වන්නට විය. වසර 47ක් හලාවත රාජගුරු පදවිය යටතේ පාලනය වයඹ පළාත 1987 දී දෙකට බෙදා කුරුණෑගල වසම වෙනම දෙගුරු වසමක් ලෙස ස්ථාපිත කරන ලදී. මෙහි ප්‍රථම අදගුරු ලෙස 1987 - 07 - 18 අති උතුම් ඇන්තනි ලියෝ පෝල්යි. රේමන්ඩ් පිරිස් අභිිෂේක ලැබුහ. කුරුණෑගල දේවස්ථානය “ශාන්ත අනා ආසන දෙවිමැදුර” ලෙස හඳුන්වනු ලැබීය. නව පදවිය බිහිවිමෙන් පසු එනම්, 1990 දී කුරුණෑගල මීසම භාරගත් ගරු මයිකල් කොස්තා පියතුමා සහ ඉන්පසු පැමිණි ගරු නිහාල් ඕබ්‍රිස් යන පියවරුන් විසින් කරන ලද විවිධ ඉදිකිරීම් හා විවිධ ප්‍රතිසංස්කරණයන් නිසා දෙවිමැදුර ඉතා දර්ශනිය හා ගම්භීර පෙනුමක් ලබා ඇත. මල්කඩුවාව හැගව හා වැල්ලව යන පරිවාර දේවස්ථානයන් සහිත කුරුණෑගල මීසම ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා යටතේ දැනට පාලනය වේ. මෙහි සහයක පියතුමා ලෙස සංජය ප්‍රදීප් පියතුමා යටතේ දැනට පාලනය වේ. 2008 වසරේ අගෝස්තු මස 17 වන දින සිට වැල්ලව දේවස්ථානය නව මීසමක් බවටත් හැඟව දේවස්ථානය ද ඊට අනුබද්ධ කරන ලදී. කුරුණෑගල මීසමෙන් වෙන්කරන ලදී. ශාන්ත ආනා මැණියන්ගේ වාර්ෂික මංගල්‍යය ජුලි මාසයේ තුන්වන ඉරුදින කුරුණෑගල රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ. මීට අමතරව කිතුණු දහම් පාසල සෑම ඉරුදින ම පවත්වනු ලබන අතර, ළමුන් 334 එහි ඉගෙනුම ලබයි.

සෑම ඉරුදිනක ම දේව මෙහෙයන් තුනක් පවත්වන අතර ප්‍රධාන පූජාව උදෑසන 8.00ත් උදෑසන 10.00ට දහම් පාසල් දරුවන් සඳහා පූජාවත් සවස 5.15 පවත්වනු ලබයි. සෑම මසකම අවසානයේ ඉංගී‍්‍රසි හා දෙමළ භාෂාවෙන් පවත්වනු ලබන දේව පූජාවල් විශේෂ වේ.

පළමු සිකුරාදා විශේෂ පූජාවන් පවත්වනු ලබන අතර බදාදා දින ද විශේෂ පූජාවන් පවත්වනු ලබයි.

වසර කිහිපයක් පවත්වනු ලබන නත්තල්, පාස්කු, පූජා වලට අමතරව මෙවර මැයි මස 27 - 28 දින විශේෂ මැයි මංගල්‍යය ද පවත්වනු ලබයි. එයට කිතුණු බැතිමතුන්ට මීසමේ පියතුමා විශේෂ ආරාධනයක් ද කරනු ලබයි. මෙයට සමාගාමීව 200වන ජුබිලිය ද පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

සටහන හා ඡායාරූප

නිශ්ශංක විජේරත්න

Location name: 

කිතුණු බැතිමතුන්ගේ ශාන්ත ආනා දේවස්ථානය