ළොම්පුර පෙරහර නමින් සුවිශේෂ කොට සැළකිය හැකි ගම්භීරත්වයෙන් යුතු සංස්කෘතික අංගයක් වන්නේ ගංගාරාම නවම් පෙරහර බව ප්‍රකට ය. මේ අති උත්කර්ෂවත් කලා මංගල්‍යය දෙවැනි වන්නේ මහනුවර ඇසල පෙරහරට පමණක් විය හැකි ය. මේ ගංගාරාම නවම් පෙරහර ලක්දිව සිව්  දිගින් පැමිණෙන බොදු ජනතාවගේ බොදු සිත් සතන් ඇද බැද ගැනීමට සමත් ය. එවන් දර්ශනීය කලා මංගල්‍යයකි. 

දායක සභාවත්, ගංගාරාම යතිවරයාණෝ මෙන්ම සැදැහැවත් උපාසක උපාසිකාවනුත් මේ පෙරහර අලංකෘතව පැවැත්වීමට යුහුසුළුව කටයුතු කරති. සිංහල ක්‍රමයට අනුව හැඳින්වෙන නවම් මහේ මේ අලංකාර පෙරහර වීදි සංචාරය කරනු දැකිය හැකි ය. ගංගාරාම පෙරහරේ අතීතය 1978 ටත් එවිට බලා  දිව ය යි. 1978 වසරට පෙරාතුව ගංගාරාම විහාරය කේන්ද්‍රකොට ගෙන ඇසළ පෙරහර නමින් කොළඹ නගරයේ පෙරහරක් පවත්වා ඇති බවට තොරතුරු ඇත. මෙම වසරේ නවම් පෙරහර පැවැත්වෙන්නේ 38 වැනි වරට  ය. 

අතීත පෙරහරෙන් අනතුරුව 1979 වසරේ දී මෙයට නව මුහුණුවරක් එක් විය. ශ්‍රීමත් ආර්.ප්‍රෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් මෙම පෙරහර සංවිධානය කෙරිණි. නවම් මාසය වන විට අප රටෙහි වෙනත් උත්කර්ෂවත් පෙරහර මංගල්‍යක් නොවු බැවින් සංචාරක ආකර්ෂණය උදෙසා නවම් මාසය තෝරාගත් බව කියැවේ. 

අලි ඇතුන් සිය ගණනක් සහභාගිවන මේ පෙරහරේ  කොඩි මුරඅතු, සේසත් රැගත් පිරිස මෙන්ම, කස හා විලක්කු රැගත් මෙන්ම හේවිසි කණ්ඩායම් ද පෙරහරට ජීවය එක් කරති. අලංකාර නැටුම් කණ්ඩායම් එහි ආලෝකය තවත් වැඩි කරනු දැකිය හැකිය. උඩරට, පහතරට, සබරගමු මේ ආදී වශයෙන් නර්තනාංග ප්‍රධාන වේ. 

පෙරහර අවසන් වන්නේ පසුදා සවස්වරුවෙහි භික්ෂූන් වහන්සේලා හා දායකයන් විසින් පවත්වන්නට යෙදෙන බෝධි පූජාවෙනි. ඉනික්බිති විෂ්ණු, කතරගම දේවාල අභියසට රොක්වන පිරිස පිරිත් සුත්‍ර සජ්ක්‍ජායනය කර දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් පෙරහර කටයුතු අවසන් කෙරේ. 
නවම් පෙරහර ඉලක්ක කොටගෙන එය නැරඹීමේ අපේක්ෂාවෙන් ජපානය, කොරියාව, මැලේසියාව, සිංගප්පුරුව හා තායිලන්තය ආදී රටවලින් මෙරටට පැමිණෙන විදේශිකයන් ගණන ද අසීමිතය. මෙවර... පෙබරවාරි මස 10 වැනි දුරුතු පෝය දිනයේ දී ගංගාරාම නවම් පෙරහර පැවැත් වේ. 

නන්දි අලුත්ගේ රත්නවීර 
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

කොළොම්පුර නවම් පෙරහර